බුද්ධදත්ත පාලි අකාරාදිය – 754

සිප්පට්ඨාන

න. ශිල්ප කොටස.

සිප්පසාලා

ඉ. ශිල්ප උගන්වන තැන.

සිප්පායතන

න. එක් ශිල්පයක්.

සිප්පික

3. ශිල්ප දන්නා; ශිල්පියා.

සිප්පිකා

ඉ. මුතු බෙල්ලා.

සිප්පී

3. ශිල්ප දන්නා; ශිල්පියා; ඉ. මුතු බෙල්ලා.

සිපාටිකා

ඉ. කොපුව (දැළි පිහියා දමන); මල් කොපුව.

සිබ්බති

(සිවු+ය) මසයි.

සිබ්බන

න. මැහීම.

සිබ්බනී

ඉ. මැස්ම; මැහුම; හිස් කබලේ පූට්ටුව.

සිබ්බනීමග්ග

පු. මැහුම් පාර.

සිබ්බාපයමාන

3. මස්සවන; මස්සවමින්.

සිබ්බාපෙත්වා

පූ.ක්‍රි. මස්සවා.

සිබ්බාපෙති

(සිවු+ණාපෙ) මස්වයි.

සිබ්බාපෙන්ත

3. මස්සවන; මස්සවමින්.

සිබ්බිත

3. මහන ලද; මැසූ.

සිබ්බිත්වා

පූ.ක්‍රි. මසා; මහලා.

සිබ්බිතුං

නි. මහන්ට.

සිබ්බිය

පූ.ක්‍රි. මසා; මහලා.

සිබ්බෙත්වා

පූ.ක්‍රි. මසා; මහලා.

සිබ්බෙති

(සිවු+ණෙ) මහයි.

සිබ්බෙතුං

නි. මහන්ට.

සිබ්බෙන්ත

3. මහන; මහමින්.

සිම්බලී

පු. ඉඹුල් ගස; පලුන් ගස.