බුද්ධදත්ත පාලි අකාරාදිය – 779

සොතාපත්ති

ඉ. දිය පහරට බැස ගැන්ම; නිවන් මගට බැසීම.

සොතාපන්න

3. නිවන් මගට බැසගත්; සෝවාන් වූ.

සොතින්ද්‍රිය

න. ඇසීමේ ශක්තිය.

සොතු

පු. අසන්නා; ඇහුම්කන් දෙන්නා.

සොතුං

නි. අසන්ට.

සොතුකාම

3. අසනු කැමති.

සොදක

3. තෙමී දිය බින්දු වැගිරෙන; දිය සහිත.

සොදරිය

3. එක කුස උපන්; පු. සහෝදරයා.

සොධක

3. ශුද්ධ කරන්නා.

සොධන

න. ශුද්ධ කිරීම.

සොධයමාන

3. ශුද්ධ කරන; ශුද්ධ කරමින්.

සොධාපෙති

(සුධ+ණාපෙ) ශුද්ධ කරවයි.

සොධිත

3. ශුද්ධ කළ.

සොධිය

පූ.ක්‍රි. ශුද්ධ කොට.

සොධෙතබ්බ

3. ශුද්ධ කළ යුතු.

සොධෙත්වා

පූ.ක්‍රි. ශුද්ධ කොට.

සොධෙති

(සුධ‍+ණෙ) ණය ආපසු ගනී; පරීක්ෂණය කෙරේ; සුද්ධ කෙරේ.

සොධෙතුං

නි. ශුද්ධ කරන්ට.

සොධෙන්ත

3. ශුද්ධ කරන; ශුද්ධ කරමින්.

සොනක

පු. තොටිල ගස.

සොප්ප

න. නින්ද.

සොපාක

පු. චණ්ඩාලයා.

සොපාන

පු. න. තරප්පය (හිණිමග).

සොපානපන්ති

ඉ. තරප්ප පේළිය.