බුද්ධදත්ත පාලි අකාරාදිය – 787

හලිද්දා

ඉ. කහ (අල).

හලිද්දී

ඉ. කහ (අල).

හව්‍ය

න. යාග ද්‍රව්‍යය.

හවෙ

නි. ඒකාන්තයෙන්.

හසති

(හස+අ) සිනාසේ.

හසන

න. සිනාසීම.

හසන්ත

3. සිනාසෙන; සිනාසෙමින්.

හසනීය

3. සිනාසිය යුතු.

හසමාන

3. සිනාසෙන; සිනාසෙමින්.

හසමානක

3. සිනාසෙන; සිනාසෙමින්.

හස්ස

න. කවටකම; සිනාව.

හසිත

න. සිනාව.

හසිතබ්බ

3. සිනාසිය යුතු.

හසිත්වා

පූ.ක්‍රි. සිනාසී.

හසිතුං

නි. සිනාසෙන්ට.

හසිතුප්පාද

පු. සිනා ඉපදවීම; සිනා උපදවන.

හා

නි. අහෝ!; ඛේදයකි.

හාටක

න. රන් වර්ගයක්.

හාතබ්බ

3. දුරු කළ යුතු.

හාතවෙ

නි. දුරු කරන්ට.

හාතුං

නි. දුරු කරන්ට.

හානභාගිය

3. පිරිහීමට යන.

හානි

ඉ. අඩු වීම; පිරිහීම; විපත; හානිය.

හාපක

3. පිරිහෙළන්නා.