බුද්ධදත්ත පාලි අකාරාදිය – 786

හරන්ත

3. ගෙනයන; ගෙනයමින්.

හරමාන

3. ගෙනයන; ගෙනයමින්.

හරාපෙත්වා

පූ.ක්‍රි. ඉවත් කරවා.

හරාපෙති

(හර+‍ණා+පෙ) ඉවත් කරවයි.

හරාපෙන්ත

3. ඉවත් කරවන; ඉවත් කරවමින්.

හරායති

(හිරි නාමයෙන්) ලජ්ජා වේ.

හරි

න. රන්.
පු. විෂ්ණු.

හරිචන්දන

න. රන්වන් සඳුන්.

හරිණ

පු. මුවා.

හරිත

3. කොළ පැහැති; ගෙනගිය.
න. අමු තණ පැලෑටි ආදිය.

හරිතත්ත

න. අමු බව; කොළ පැහැති බව.

හරිතබ්බ

3. ගෙනයා යුතු.

හරිත්තච

3. රන්වන් සිවි ඇති.

හරිත්වා

පූ.ක්‍රි. ගෙනගොස්.

හරිතාල

න. රන්සිරියල්.

හරිතු

පු. ගෙනයන්නා.

හරිතුං

නි. ගෙනයන්ට.

හරිස්සවණ්ණ

3. රන් පැහැති.

හරීතක

පු. න. අරළු.

හරීතකී

ඉ. අරළු.

හරෙ

නි. ‍බොල (ආලපන).

හල

න. නගුල.

හලං

නි. ඔය ඇති; ඕනෑ නැත; පමණයි.

හලාහල

න. නපුරු විෂය.