බුද්ධදත්ත පාලි අකාරාදිය – 785

හනන්ත

3. නසන; නසමින්; පහර දෙමින්.

හනමාන

3. නසන; නසමින්; පහර දෙමින්.

හන්තබ්බ

3. නැසිය යුතු; පහර දිය යුතු.

හන්ත්වා

පූ.ක්‍රි. නසා; පහර දී; වනසා.

හන්ති

(හන+අ) නසයි; මං පහරයි; විනාශ කරයි.

හන්තු

පු. නසන්නා.

හන්තුං

නි. නසන්ට.

හන්ද

නි. එසේ නම්; ඒකාන්තයෙන්.

හනිතබ්බ

3. නැසිය යුතු; පහර දිය යුතු.

හනිත්වා

පූ.ක්‍රි. නසා; පහර දී; වනසා.

හනිතුං

නි. නසන්ට.

හනිය

පූ.ක්‍රි. නසා; පහර දී; වනසා.

හනු

ඉ. හක්ක.

හනුකා

ඉ. හක්ක.

හම්භො

නි. එම්බා; පින්වත්නි.

හම්මිය

න. ප්‍රාසාදය.

හය

පු. අශ්වයා.

හයපොතක

පු. අශ්ව පැටියා.

හයවාහී

3. අසුන් විසින් අදනා ලද.

හයානීක

න. අශ්ව සේනාව.

හර

පු. ඊශ්වරයා.

හරණ

න. ගෙනයාම.

හරණක

3. ගෙනයන.

හරති

(හර+අ) ගෙනයයි.