බුද්ධදත්ත පාලි අකාරාදිය – 784
හත්ථිභණ්ඩක
පු. ඇත් ගොව්වා; ඇතුන් බලන්නා.
හත්ථිමත්ත
3. ඇතකු පමණ විශාල වූ.
හත්ථිමෙණ්ඩ
පු. ඇත් ගොව්වා; ඇතුන් බලන්නා.
හත්ථියාන
න. ඇත් වාහනය.
හත්ථියුද්ධ
න. ඇත් පොරය.
හත්ථිරූපක
න. ඇත් රූපය.
හත්ථිලණ්ඩ
න. ඇත් ලඩය.
හත්ථිලිඞ්ගසකුණ
පු. ඇත් සොඬක් වැනි හොටයක් ඇති ගිජු ලිහිණියා.
හත්ථිසාලා
3. ඇත් හළ; ඇතුන් බඳින සාලාව.
හත්ථිසිප්ප
න. ඇතුන් පිළිබඳ ශිල්පය.
හත්ථිසොණ්ඩා
ඉ. ඇත් හොඬය.
හත්ථී
පු. ඇතා.
හතාවකාස
3. අවකාශ නැති කළ.
හදය
න. හෘදය වස්තුව.
හදයගත
3. සිතෙහි හටගත්; හෘදයෙහි වූ.
හදයඞ්ගත
3. සිතෙහි හටගත්; හෘදයෙහි වූ.
හදයඞ්ගම
3. මනොඥ; සිත සතුටු කරවන.
හදයනිස්සිත
3. හෘදය ආශ්රය කොට පවත්නා.
හදයමංසං
න. හෘදය පිහිටි පපු මස.
හදයවත්ථු
න. සිත පිහිටීමට උපකාර වන තැන; හෘදය වස්තුව.
හදයසන්තාප
පු. පපුවේ දැවිල්ල; සිත් තැවුල.
හදයස්සිත
3. හෘදය ආශ්රය කොට පවත්නා.
හනති
(හන+අ) නසයි; මං පහරයි; විනාශ කරයි.
හනන
න. කරදර කිරීම; නැසීම; පහර දීම.