බුද්ධදත්ත පාලි අකාරාදිය – 783

හත්ථපසාරණ

න. අත දික් කිරීම; අත දිග හැරීම.

හත්ථපාස

පු. අත දික්කොට ඇල්විය හැකි තරම් දුර; දෙරියනක් දුර.

හත්ථවට්ටක

පු. අතින් තල්ලු කොට පෙරළන රථය.

හත්ථවිකාර

පු. අතින් සංඥා කිරීම.

හත්ථසාර

පු. අතින් ගෙනයා හැකි ඉතා වටිනා ධනය.

හත්ථාචරිය

පු. ඇතුන් හික්මවන්නා.

හත්ථාපලෙඛන

3. අත‍ ලෙවකන.

හත්ථාභරණ

න. ඇතාගේ සැරසිලි; වළල්ල.

හත්ථාරොහ

පු. ඇත් ගොව්වා.

හත්ථාලඞ්කාර

පු. ඇතාගේ ඇඳුම්.

හත්ථිකන්තවීණා

ඉ. ඇතුන්ට ප්‍රිය වීණා වර්ගයක්.

හත්ථිකලභ

පු. ඇත් පැටවා.

හත්ථික්ඛන්ධ

පු. ඇත් කඳ.

හත්ථිකුම්භ

පු. ඇතාගේ ඔළුවේ ඉදිරිපස; ඇතාගේ නළල.

හත්ථිකුල

න. ඇත් වර්ගය.

හත්ථිගොපක

පු. ඇත් ගොව්වා; ඇතුන් රකින්නා.

හත්ථිදන්ත

පු. ඇත් දත.

හත්ථිදමක

පු. ඇතුන් හික්මවන්නා.

හත්ථිදම්ම

3. හීලෑ කළ යුතු ඇතා.

හත්ථිනී

ඉ. ඇතින්න.

හත්ථිපද

පු. න. ඇත් අඩිය; ඇතාගේ පියවර.

හත්ථිප්පභින්න

පු. මද කිපුණු ඇතා.

හත්ථිපාකාර

පු. ඇත් රූප පිහිටුවා බැඳි ප්‍රාකාරය.

හත්ථිබන්ධ

පු. ඇත් ගොව්වා; ඇතුන් බලන්නා.