බුද්ධදත්ත පාලි අකාරාදිය – 788

හාපන

න. පිරිහෙළීම.

හාපිත

3. පිරිහෙළු; හානියට පත් කළ.

හාපෙතබ්බ

3. අඩු කළ යුතු.

හාපෙත්වා

පූ.ක්‍රි. නොකර හැර; පිරිහෙළා; හානි කො‍ට.

හාපෙති

(හා+ණාපෙ) නොකර හරියි; පිරිහෙළයි.

හාපෙතුං

නි. අඩු කරන්ට; පිරිහෙළන්ට.

හාපෙන්ත

3. පිරි හෙළන; පිරිහෙළමින්.

හායති

(හා+ය) අඩු වේ; පිරිහේ; විනාශ වේ.

හායන

න. අඩු වීම; අවුරුද්ද; පිරිහීම.

හායන්ත

3. පිරිහෙන; පිරිහෙමින්.

හායමාන

3. පිරිහෙන; පිරිහෙමින්.

හායි

3. අත් හරින්නා.

හායිත්වා

පූ.ක්‍රි. අඩු වී; පිරිහී.

හායිතුං

නි. පිරිහෙන්ට.

හාර

පු. අමුනා තැබූ දෙය; ගෙන යාම; ගෙල පළඳනාව; මුතු වැල.

හාරක

3. ගෙන යන්නා; දුරු කරන.

හාරි

3. මනොඥ වූ.

හාරිකා

ඉ. ගෙනයන්නී.

හාරිය

3. ගෙනයා හැකි.

හාරී

3. ගෙනයන පුද්ගලයා.

හාස

පු. සතුට; සිනාව.

හාසකර

3. සතුට උපදවන.

හාසයමාන

3. සතුටු කරවන; සිනා උපදවමින්.

හාසෙත්වා

පූ.ක්‍රි. සතුටු කරවා.