බුද්ධදත්ත පාලි අකාරාදිය – 789

හාසෙති

(හස+ණෙ) සතුටු කරවයි; සිනා කරවයි.

හාසෙතුං

නි. සතුටු කරවන්ට; සිනා කරවන්ට.

හාසෙන්ත

3. සතුටු කරවන; සිනා උපදවමින්.

හි

නි. වනාහි.

හිංසති

(හිංස+අ) පීඩා කෙරේ; හිංසා කෙරේ.

හිංසන

න. පීඩා කිරීම.

හිංසන්ත

3. පීඩා කරන; පීඩා කරමින්.

හිංසමාන

3. පීඩා කරන; පීඩා කරමින්.

හිංසා

න. හිංසාව.

හිංසාපෙත්වා

පූ.ක්‍රි. හිංසා කරවා.

හිංසාපෙති

(හිංස+ණාපෙ) හිංසා කරවයි.

හිංසාපෙන්ත

3. හිංසා කරවන; හිංසාකරවමින්.

හිංසිතුං

නි. පීඩා කරන්ට.

හිංසෙත්වා

පූ.ක්‍රි. හිංසා කොට.

හිංසෙන්ත

3. හිංසා කරන; හිංසා කරමින්.

හික්කා

ඉ. ඉක්කාව.

හිඞ්ගු

න. පෙරුම්කායම්.

හිඞ්ගුලක

න. රත් සිරියල්.

හිඞ්ගුලි

ඉ. රත් සිරියල්.

හිත

3. දියුණුව කැමති; හිතවත්.
න. අභිවෘද්ධිය; යහපත.

හිතකර

3. යහපත ගෙන දෙන; හිතවත් දෙය කරන්නා.

හිතෙසී

3. යහපත කැමත්තා.

හින්තාල

පු. කිතුල්.

හිම

න. පිනි; මිදි දිය.