බුද්ධදත්ත පාලි අකාරාදිය – 790

හිමවන්තු

3. හිම ඇති.

හිය්‍යො

නි. ඊයේ.

හිරඤ්ඤ

න. වැඩෙහි නොයෙදූ රන්.

හිරි

ඉ. ලජ්ජාව.

හිරිකොපීන

න. ලජ්ජාව අවුස්සන තැන; ස්ත්‍රී පුරුෂ නිමිති.

හිරිමන්තු

3. ලජ්ජා ඇති.

හිරිවෙර

න. ඉරිවේරිය.

හිරීයති

න. ා ලජ්ජා උපදවයි; ලජ්ජ‍ා වේ.

හිරීයනා

ඉ. ලජ්ජාවීම.

හිරොත්තප්ප

න. පවට ලජ්ජාව හා‍ භය.

හීන

3. නීච වූ; පහත් වූ; ලාමක වූ.

හීනජච්ච

3. පහත් ජාති ඇත්තා.

හීනවිරිය

3. අඩු වීර්ය ඇති.

හීයති

(හා+ඊ+ය) පිරිහේ.

හීයො

නි. ඊයේ.

හීර

න. තීරුව; පටිය.

හීරක

න. තීරුව; පටිය.

හීළන

න. පිළිකුළ.

හීළයමාන

3. පිළිකුල් කරමින්; ලජ්ජා වෙමින්.

හීළිත

3. පිළිකුල් කළ.

හීළෙත්වා

පූ.ක්‍රි. පිළිකුල් කොට.

හීළෙති

(හීළ+ණෙ) පහත් කොට සිතයි; පිළිකුල් කරයි.

හීළෙන්ත

3. පිළිකුල් කරමින්; ලජ්ජා වෙමින්.

හුංකාර

පු. හුං යැයි ශබ්ද කිරීම.