සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1240
මිත්‍ර බාන්ධවයා
නා. කුඩා කල සිට ම යහළුවකු මෙන් එකට ඇසුරු කරන නෑදෑයා.
මිත්‍ර වධකයා
නා. මිතුරකුගේ වේශයෙන් සිටින සතුරා.
මිත්‍ර සංසර්ග
නා.ප්‍ර. යහළුවන් හා එකතුවීම.
මිත්‍ර සන්ථවය
නා. මිතුරන් හා ඇසුර.
මිත්රද්රෝහ
නා.ප්‍ර. මිතුරන්ට විරුද්ධ වීම ; මිත්‍රයින්ට එරෙහිවීම.
මිත්‍රයා
1. නා. යහළුවා ; හිතවතා.
2. වෛදික ආදිත්‍ය දෙවියෙක්.
මිත්‍රශීලී
වි. මිතුරුබව දරන ; යහළු ස්වභාව ඇති.
මිති
නා.ප්‍ර. ප්‍රමාණය ; සීමාව.
මිති කරනවා
ක්‍රි. සීමා කරනවා ; ප්‍රමාණ කරනවා.
මිතු
නා.ප්‍ර. යහළුවා ; මිත්‍රයා.
මිතුරා
1. නා. යහළුවා ; මිත්‍රයා.
2. පහන ; ප්‍රදීපය ; සූර්යයා.
මිතුරු කුල
නා.ප්‍ර. සූර්ය වංශය.
මිතුරු සඳ
නා.ප්‍ර. උතුම් වූ මිතුරා ; මිත්රෝත්තමයා.
මිථ්‍යා
වි. අසත්‍ය ; බොරු ; වැරදි.
මිථ්‍යා ආජීවය
නා. වැරදි ජීවිතය ; වැරදි වෘත්තියක යෙදෙමින් ජීවිකාව ගෙන යාම.
මිථ්‍යා කර්මාන්තය
නා. වැරදි වෘත්තිය ; වැරදි ජීවිකාව.
මිථ්‍යා ග්‍රහණය
නා. වැරදි දේ ග්‍රහණය කිරීම ; විපරීත අදහස් ගැනීම.
මිථ්‍යා දර්ශනය
නා. වැරදි දැකීම ; වැරදි මතය.
මිථ්‍යා දෘෂ්ටිය
නා. ධර්මය පිළිබඳ වැරදි හැඟීම ; මිසදිටු බව.
මිථ්‍යා ප්‍රතිපන්න
වි. වැරදි මඟට පිවිසි.
මිථ්‍යා ප්‍රබන්ධය
නා. අසත්‍යයක් වූ ගොතන ලද කථාව.
මිථ්‍යා මාර්ගය
නා. වැරදි මඟ ; ආර්ය මාර්ගයෙන් වෙන් වූ මඟ.
මිථ්‍යා විශ්වාසය
නා. බොරු විශ්වාසය ; අසත්‍ය දේ ඇදහීම.
මිථ්‍යා සංකල්ප
නා.ප්‍ර. වැරදි සිතිවිල්ල.