සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1241
මිථ්‍යාචාරය
[මිථ්‍යා + ආචාරය]
නා. කාමයෙහි වරදවා හැසිරීම ; පරපුරුෂ සේවනය ; පරදාර සේවනය.
මිථ්‍යාජීවය
මිථ්‍යාපවාදය
මිථ්යාභියෝගය
මිථ්‍යාලබ්ධිය
නා. ධර්මය පිළිබඳ වැරදි දෘෂ්ටිය ; මිථ්‍යාදෘෂ්ටිය.
මිථ්‍යාවචනය
නා. සම්‍යක් වචනයට ප්රතිපක්ෂ වූ වැරදි වචනය ; මුසාවාද, පිසුනාවාචා ආදි අයහපත් වචන.
මිථ්‍යාවාදය
නා. අසත්‍ය වදන ; බොරු වචනය.
මිථ්යාවිකල්ප
නා.ප්‍ර. අයහපත් කල්පනා ; වැරදි සිතිවිලි.
මිථුන
1. නා.ප්‍ර. ස්ත්‍රී පුරුෂ දෙදෙනා ; යුවළ.
2. ලග්න දොළොසින් තුන්වැන්න.
3. සංවාසය.
මිද්ධය
නා. චෛතසික උදාසීනත්වය ; අරමුණු ගැනීමෙහි ලා නාම ස්කන්ධවල නොහැකියාව.
මිදි
1. නා.ප්‍ර. ඖෂධීය ගස් වර්ගයක්.
2. මිහිරි යුෂ සහිත පලතුරු වර්ගයක්.
මිදිසීනි
නා.ප්‍ර. මිදි ඵලවලින් සාදනු ලබන සීනි වර්ගයක් ; ග්ලූකෝස්.
මිදුම් දඩය
(පාරිභා.) නා. අවහිරයකින් නිදහස්වීමට ගෙවන වන්දි මුදල.
මිදුල
1. නා. ගෙයක් වටා ඇති භූමිභාගය ; ගෙමිදුල.
2. ඉදිරිපිට ; සම්මුඛය.
මිදුල්ල
නා. මොළයෙහි සාමාන්‍ය කොටස් හතෙන් ඇට මිදුලුවලින් සෑදී ඇති සතර වැන්න.
මිදුලු
1. නා.ප්‍ර. ඇතැම් ශාකවල කඳ තුළ ඇති බඩය ; මජ්ජාව.
2. අස්ථි කුහරයක් තුළ ඇති මොළොක් වූ ද්‍රව්‍යය ; මේද සහිත සාරය.
3. කොස්, පොලොස් ආදි ගෙඩිවල මදුල.
4. ගිවුළු ආදියෙහි මදය.
මිදෙනවා
1. ක්‍රි. නිදහස් වෙනවා ; ගැලවෙනවා ; බේරෙනවා.
2. අධික ශීතල නිසා හෝ රසායනික ද්‍රව්‍ය මිශ්‍රවීමෙන් ජලය, කිරි ආදී ද්‍රව ඝන බවට පත්වෙනවා.
මින
1. නා.ප්‍ර. ප්‍රඥාව ; ඥානය.
2. මිනිසා.
3. මත්ස්‍යයා.
මින්
1. නා.ප්‍ර. මත්ස්‍යයා ; මාළුවා.
2. ධ්වජයෙහි මත්ස්‍යයකු දරන්නා ; අනංගයා.
3. තරුව.
4. තරම ; ප්‍රමාණය.
5. නුවණ ; ඥානය.
6. මැණික.
7. සමූහය ; රාශිය.
8. කුඩා කොල්ලා.
9. වචනය.
10. ආලෝකය.- සර්ව. මෙයින් ; මේ දැයින්.
මින්කැල
නා.ප්‍ර. මත්ස්‍ය සමූහය.
මින්ගති
1. නා.ප්‍ර. මත්ස්‍ය ගමන.
2. ගී විරිතක්.
මින්චි
නා.ප්‍ර. ව්‍යඤ්ජන රසවත් කිරිම සඳහා ගනු ලබන කොළ සහිත පැළෑටි විශේෂයක්.
මින්දද
1. නා.ප්‍ර. මත්ස්‍යයකුගේ සටහනක් ඇති කොඩිය ; මකරධ්වජය.
2. අනංගයා.
මින්පිටු
නා.ප්‍ර. (මත්ස්‍යයන්ගේ පෘෂ්ඨය යනු වාච්‍යාර්ථයි) මුහුද ; සාගරය.