සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1242
මින්පුටු
නා.ප්‍ර. මත්ස්‍යයන් අහරට ගෙන පෝෂණය වන්නා වූ පක්ෂියකු වන දියකාවා.
මින්රද
නා. තාරකාවල රාජයා වන චන්ද්‍රයා.
මින්රැස
1. නා. ඥාන සම්භාරය.
2. මාළු රංචුව ; මාළු අහින.
3. මීන රාශිය.
මිනි
නා.ප්‍ර. ඇතුන්ගේ කපෝලස්ථලයෙන් වැගිරෙන මදය.
මිනිතය
1. නා. මිනුම් ශාස්ත්‍රය.
2. වස්තුවක දිග, පළල, වර්ග ඵලය, පරිමාව ආදිය මැනීමෙන් හා ගණන් සෑදීමෙන් සොයා ගැනීම.
මිනිත්තුව
නා. ඉංග්‍රීසි පැයකින් හැටෙන් පංගුව ; විනාඩිය.
මිනින්දෝරු
වි. ඉඩම් ආදිය මැනීම සම්බන්ධ.
නා.ප්‍ර. ඉඩම් ආදිය මනින්නා.
මිනිබිරිය
නා. දුවගේ හෝ පුතාගේ හෝ දුව ; මිනිපිරිය.
මිනිය
නා. මියගිය ශරීරය ; මළ සිරුර.
මිනිරන්
නා.ප්‍ර. දිලිසෙන, මොලොක්, කාළවර්ණ ඛනිජ වර්ගයක්.
මිනිරන් ඉල්ලම
නා. මිනිරන් නිධිය.
මිනිසත්බව මිනිසත් බැව
නා. මනුෂ්‍ය ආත්ම භාවය.
මිනිස් කබල්
නා.ප්‍ර. මිනී ඔළු කටු.
මිනිස් ගැබ
නා. කලලය ; දරු ගැබ.
මිනිස් දහම්
නා.ප්‍ර. මිනිසුනට අයත් දශ කුශල සංඛ්‍යාත ධර්මය ; මනුෂ්‍ය ධර්මය.
මිනිස් පථය
නා. මනුෂ්‍යයන් වාසය කරන ප්‍රදේශය ; මිනිස් පියස.
මිනිස් පිය
1. නා.ප්‍ර. මිනිසුන් වසන ලෝකය ; මනුෂ්‍ය වාසය.
2. මනුෂ්‍ය ආත්ම භාවය.
මිනිස් මාගම
නා. මිනිස් කාන්තාව ; ස්ත්‍රිය.
මිනිස්මල
නා. මිනිස් සිරුරෙහි ඇති ඩහදිය, කුණු ආදි අපවිත්‍ර දෑ.
මිනිසා
නා.ප්‍ර. මනසින් උසස් තැනැත්තා ; මනුෂ්‍යයා.
මිනී කාමරය
නා. රෝහලක රෝගීන් මිය ගිය විට අයිතිකරුවන්ට භාර දෙන තෙක් හෝ වළලන තෙක් තැන්පත් කර තබන කාමරය.
මිනී කොටනවා
ක්‍රි. මිනී මරනවා.
මිනී දවනවා
ක්‍රි. මළ සිරුර ගින්නට හසු කරනවා ; මිනියක් ආදාහනය කරනවා.
මිනී පිට්ටනිය
නා. මිනී වළලන භූමිය ; කනත්ත ; සොහොන් බිම.