සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1243

මිනී මෝරා

නා. මිනී කන වර්ගයට අයත් මෝරා.

මිනීකුණ

නා. මළ සිරුර ; මළ කඳ.

මිනීගොවුවා

නා. මළ සිරුර දවන තැනැත්තා.

මිනීබෙරය

නා. අවමගුලක දී මිනියට ගරු කිරිමක් වශයෙන් ගසන බෙරය ; මළ බෙරය.

මිනීවළ

නා. මළ සිරුරු යට කිරිම සඳහා සකස් කර ගන්නා වළ.

මිනුම

නා. මැනීම ; මිම්ම ; මානය.

මිනුම් දණ්ඩ

නා. යම් කිසිවක් මැන බැලීම සඳහා යොදා ගන්නා න්‍යායය.

මිනුම් පංගුව

නා. වී මැනීමේ රාජකාර්යය.

මිනුම් පටිය

(පාරිභා.) නා. මිනුම් කටයුතුවල දී අඩි, අඟල්, මීටර්, සෙන්ටිමීටර් ආදිය සටහන් කළ පටිය.

මිනුම් පොත

(පාරිභා.) නා. භූමියක් මැනීමේ දී සටහත් තැබීමට භාවිත කරන සටහන් පොත.

මිය

1. නා.ප්‍ර. මුඛය ; කට.
2. පොළොව ; පෘථිවිය.
3. මධුව ; මී පැණි.
4. මරණය.

මිය ඇදෙනවා

(කථා.) ක්‍රි. මරණයට පත් වෙනවා ; මැරෙනවා.

මියඩුරු

නා.ප්‍ර. මුව උඩුකුරු කොට ලන සුසුම්.

මියර

1. නා.ප්‍ර. මර්යාදාව ; සීමාව.
2. නියර ; වේල්ල ; වාරි බන්ධනය.

මියැසි

නා.ප්‍ර. මධුරව ඇසෙන දය ; සංගීතය.

මියැසි සාදය

නා. සංගීත ප්‍රසංගය.

මියුකොප්‍රෝටීන්

(පාරිභා.) නා.ප්‍ර. කාබෝහයිඩ්රේට සමූහයක් අන්තර්ගත සංයුග්මක ප්‍රෝටීන.

මියුරියැටික් අම්ලය

(පාරිභා.) නා. හයිඩ්‍රජන් ක්ලෝරයිඩ් වායුව ජලයේ දිය වූ විට සෑදෙන අම්ලය.

මියුරු

වි. මධුර ; මිහිරි.
1. නා.ප්‍ර. මොනරා ; මයූරයා.
2. දශ ප්‍රාණ අතුරෙන් එකක්.
3. වැල්මී.

මියුලඟන

[මියුල් + අඟන]
නා.ප්‍ර. මුව දෙන.

මියුල්

නා.ප්‍ර. මුවා ; මෘගයා.

මියුල් යන්ත්‍රය

නා. නූල් කටින යන්ත්‍ර විශේෂයක්.

මියුලැස

[මියුල් + ඇස]
නා.ප්‍ර. මුව දෙනකගේ මෙන් ඇස් ඇති කාන්තාව ; සුන්දර කාන්තාව.

මිරි වැඩි

නා.ප්‍ර. සෙරෙප්පුව; පාවහන