සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1244
මිරිකනවා
1. ක්‍රි. අතින් හෝ යන්ත්‍රයකින් හෝ මඩිනවා ; තද කරනවා ; පොඩි කරනවා.
2. වෙහෙස කරනවා ; පීඩාවට පත් කරනවා.
මිරිඟුව
1. නා. ජලය මෙන් දිස් වන පොළව අසල ඇති රත් වූ වායු තට්ටුව.
2. මායාව ; රැවටීම ; මුළාව.
මිරිදිය
නා. ගංගා, වැව් ආදියෙහි ජලය ; ලුණු රස නැති ජලය ; මිරිජ්ජ.
මිරියපොඩා
(පාරිභා.) නා.ප්‍ර. පත්තෑයන්, හැකරැල්ලන් වැනි සන්ධිපාදකයන් අයත් වන සත්ව වර්ගයක්.
මිරිසවැටි විහාරය
නා. අනුරාධපුර අටමස්ථානයට අයත් ඓතිහාසික චෛත්‍යය.
මිරිස්
1. නා.ප්‍ර. ආහාරයට ගන්නා කටුක රස ඇති කරල් විශේෂයක්.
2. එම කරල් හටගන්නා පැළෑටිය.
මිල
1. නා.ප්‍ර. යම් වෙළඳ භාණ්ඩයක් ගැනීමේ දී ගෙවිය යුතු මුදල ; භාණ්ඩයක් විකිණීමේ දී අය කර ගන්නා මුදල.
2. කරන ලද සේවයක් සඳහා ගෙවන මුදල.
3. කාසි ; මුදල්
මිල උද්ධමනය
නා. මිල මට්ටම ඉතා වේගවත් ලෙස අඛණ්ඩව ඉහළ නැඟීම.
මිල චලනය
නා. මිල වෙනස් වීම ; මිල ස්ථාවරව නොපැවත, අඩු-වැඩි වීම.
මිල දර්ශනය
1. නා. විකිණීමට ඇති භාණ්ඩවල මිල සඳහන් ලැයිස්තුව.
2. තොග වෙළෙඳුන් වෙත සැපයෙන භාණ්ඩවල මිල සඳහන් ලැයිස්තුව.
මිල දැඩියාව
නා. කතිපයාධිකාරය භාණ්ඩවල මිල එකම මට්ටමක පවතින ස්වරූපය.
මිල නම්‍යතාව
(පාරිභා.) නා. මිල ඉහළ පහළ යාමේ තත්ත්වය
මිල පාලනය
නා. භාණ්ඩයක් විකිණීම සඳහා නිශ්චිත මිලක් පැනවීම.
මිල වඩනවා
ක්‍රි. මිල ගණන් වැඩි කරනවා ; ගෙවිය යුතු මුදල දෙගුණ කරනවා.
මිල විශේෂණය
නා. සමාන නිෂ්පාදන පිරිවැයක් දැරූ එකම භාණ්ඩය විවිධ වෙළඳපොළවල විවිධ මිලට විකිණීම.
මිලක්ඛක
නා.ප්‍ර. ආර්ය නොවන ආන්ධ්‍ර, ද්‍රවිඩ ආදි භාෂා ව්‍යවහාරය.
මිලකැමියා
නා. මුදල් භාරව සිටින නිලධාරියා.
මිලගරු
වි. මිල අධික ; වටිනාකමින් වැඩි.
මිලපත්
නා.ප්‍ර. මුදල් නෝට්ටු.
මිලපාලක
නා.ප්‍ර. විකුණන භාණ්ඩවල මිල පාලනය භාර නිලධාරියා.
මිල්ල
නා. තද දැව සහිත ගස් වර්ගයක්.
මිලාත
1. වි. මැලවුණු ; පරවූ.
2. මියගිය ; මළ.
මිලි
1. නා.ප්‍ර. අපිරිසිදු වීම ; කිලිටි වීම ; මලින වීම.
2. අපිරිසිදු තැනැත්තා.
3. පොළොව ; මිහිකත.
4. ශ්‍යාම වර්ණය.
5. මල්දම.
6. වැසීම ; පියවීම.
1. වි. අගනා ; වටිනා.
2. මැලවුණු ; මලානික වූ.
මිලිග්රෑමය
නා. බර මනින ඒකකයක් ; ග්රෑමයකින් දාහෙන් පංගුව.