සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1245

මිලිත

වි. එක් වූ ; මිශ්‍ර වූ.
නා.ප්‍ර. එක් වූ තැනැත්තා ; සම්බන්ධ වූ පුද්ගලයා.

මිලින

1. වි. කිලිටු ; අපිරිසිදු.
2. මැලවුණු ; මිලාන වූ.

මිලිඳු

නා.ප්‍ර. වැද්දා ; දුනුවායා.

මිලිබාරය

(පාරිභා.) නා. වායු පීඩනය මැනීමේ ඒකකයක් ; බාරයකින් දාහෙන් පංගුව.

මිලිමීටරය

(පාරිභා.) නා. මිනුම් ප්‍රමාණයක් ; මීටරයකින් දාහෙන් පංගුව.

මිලියන

වි. මලානික වන ; මලානික වන්නා වූ.

මිලියනය

නා. දශ ලක්ෂය.

මිලියනවා

ක්‍රි. මලානික වෙනවා.

මිලිලීටරය

නා. ලීටරයකින් දාහෙන් පංගුව ; ඝන සෙන්ටි මීටරය.

මිලිසියානු

නා.ප්‍ර. පිරිසිදු රත්තරන්.

මිලී

නා.ප්‍ර. මිහිලිය ; පෘථිවිය.
වි. කිලුටු.

මිලෝදය

නා. රාජ භාණ්ඩාගාරය.

මිවුවා

නා. මී හරකා ; මීමා.

මිශ්‍යතාව

(පාරිභා.) නා. ද්‍රව දෙකක් හෝ වැඩි ගණනක් මිශ්‍ර කළ විට තනි කලාවක් බවට පත්වීමේ හැකියාව.

මිශ්‍ර

වි. කීප වර්ගයක් එකට එකතු වූ ; කළවම්.
නා.ප්‍ර. (සංගී.) තාලයක්.

මිශ්‍ර අනුපාතය

(පාරිභා.) නා. අනුපාත කීපයක් මිශ්‍ර වූ ගණන ; සංයුක්ත සමානුපාතය.

මිශ්‍ර කරනවා

ක්‍රි. කලවම් කරනවා.

මිශ්‍ර ක්‍රියාව

නා. (ව්‍යාක.) වාක්‍යයක අවසාන ක්‍රියාව හා මිශ්‍ර වී පවත්නා ක්‍රියාව ; ක්‍රියාවක් අවසන් නොවී, ඉටු වෙමින් පවතින බව දක්වන ක්‍රියාපද රූපය.

මිශ්‍ර කාව්‍යය

නා. ගද්‍ය පද්‍ය දෙකින් මිශ්‍ර වූ කාව්‍යය ; චම්පු කාව්‍යය.

මිශ්‍ර ගොවිතැන

නා. කෘෂිකර්මයත් පශුපාලනයත් දෙකම එක විට කිරීම.

මිශ්‍ර පොළිය

නා. මුල් ණය මුදලට පොළී මුදල් ද එක් කොට එම මුළු මුදලට ගණන් බලන පොළිය ; වැල් පොළිය.

මිශ්‍ර ලවණය

(පාරිභා.) නා. ලෝහ දෙකකින් හෝ ඊට වැඩි ගණනකින් යුත් ලවණයක්.

මිශ්‍ර ලෝහය

(පාරිභා.) නා. ලෝහ දෙකක් හෝ ඊට වැඩි ගණනක සංයෝජනයක්.

මිශ්‍ර වගාව

නා. බෝග වර්ග කීපයක් එකම භූමි ප්‍රදේශයක වගා කිරීම.