සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1246

මිශ්‍ර විවාහය

නා. ජාති,ආගම්, කුල ආදි වශයෙන් වෙනස් වූ දෙදෙනකු අතර සිදුවන විවාහය.

මිශ්‍ර වෘක්කිකාව

(පාරිභා.) නා. පොලිනේටාවන්ගේ වෘක්කිකා සහ සිලෝමීය ප්‍රණාල එක් වීමෙන් සෑදෙන සංයුක්ත අවයවය.

මිශ්‍රණ පාත්‍රය

(පාරිභා.) නා. විවිධ ආහාර වර්ග මිශ්‍ර කිරීමට යොදාගන්නා වටකුරු බඳුන.

මිශ්‍රණය

නා. කීප වර්ගයක් එකට මිශ්‍රිත වූව ; කළවම.

මිෂනාරිවරයා

නා. ක්‍රිස්තියානි ධර්මදූතයා.

මිෂ්ට

(පාරිභා.) වි. නිත්‍ය රසයක් තිබෙන ; රසය අනුව දැනෙන.

මිස

නා.ප්‍ර. බොරුව ; අසත්‍යය ; මිථ්‍යාව.

මිසක

නි. විනා ; හැර ; මුත්.

මිසදිටු

වි. වැරදි දැකීම් ඇති ; මිථ්‍යාදෘෂ්ටික.

මිසයිල

නා.ප්‍ර. ඉතා ඈත ඉලක්කයක් වෙත යැවිය හැකි රොකට් වෙඩි විශේෂයක්.

මිස්කින්

නා.ප්‍ර. වියදමට ප්‍රමාණවත් නොවන, සුළු ආදායමක් ලබන ඉස්ලාමිකයා.

මිසුවා

නා. මී හරකා ; මීමා.

මිහඹ

1. නා.ප්‍ර. මී අඹ.
2. මිහිකත ; මහී කාන්තාව.

මිහි

1. නා.ප්‍ර. පොළොව ; භූමිය.
2. මී හරකා.
3. මී පැණි ; මධු.
4. මී වදය.
5. මද්‍යය ; සුරාව.
6. මීයා.
7. ඇතුන්ගේ මද ජලය ; ඇත්මද.
ක්‍රි.වි. මෙම ස්ථානයෙහි ; මෙ තැන ; මෙ දෙසෙහි.

මිහි කරනවා

ක්‍රි. මෝරනවා.

මිහි මඬල

නා. පෘථිවිය ; මහී මණ්ඩලය.

මිහිකත

නා. පෘථිවිය නමැති කාන්තාව ; මහී කාන්තාව.

මිහිණි

(කථා.) නා.ප්‍ර. නොපැසුණු කොස් ගෙඩිය ; පොලොස්.

මිහිතලය

නා. පොළොව මතුපිට ; පොළෝ තලය.

මිහිදන්

1. නා.ප්‍ර. පොළොව ; පෘථිවිය.
2. මී මැස්සා.
3. මීමා.
4. මීයා ; මූෂිකයා.
5. ආහාරය ; භෝජනය.

මිහිදන් කරනවා

ක්‍රි. භූමදාන කරනවා.

මිහිඳු

1. නා.ප්‍ර. ලක්දිවට බුදුදහම ගෙන ආ රහතුන් වහන්සේ.
2. පොළොවට අධිපතියා ; රජ.
3. සිංහයා.

මිහිඳුරු

නා.ප්‍ර. පවුව ; පර්වතය.

මිහිපල්

නා.ප්‍ර. පෘථිවිය පාලනය කරන්නා ; රජ.