සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1715

සමෂඩ් භුජය

නා. එක සමාන දිගින් යුත් පැති හයක් සහිත සංවෘත රූපය ; ෂඩාස්‍රය.

සමෂ්ට්‍යඥානය

නා. බොහෝ දෙය ඒකත්වයෙන් දන්නා නුවණ.

සමෂ්ටිය

නා. සමාන වූ සියල්ල ඒකත්වයෙන් හෙවත් එකක් සේ ගැනීම.

සමෂ්ඨිය

(පාරිභා.) නා. සමූහයක එකතුව ; සමස්තය ; සංචිතය.

සමසංඛ්‍යා රේඛාව

(පාරිභා.) නා. සිතියමක කිසියම් විෂයයකට අදාළ සමාන අගයයන් සහිත දත්ත ඇති ස්ථාන සම්බන්ධ කර අඳිනු ලබන රේඛාව.

සමසංසෘතිය

(පාරිභා.) නා. ඒකාකාර අභිසාරිතාව ; සමරූප ඒකාග්‍රතාව.

සමසතරැස්

වි. හරි හතරැස් ; එක සමාන දිග ඇති ඍජු රේඛා සතරකින් වට වූ සංවෘත රූපයක් හා සම්බන්ධ ; සම චතුරස්‍රාකාර.

සමසතළිස්

වි. අඩු වැඩි නොවූ හතළිසක් හා සම්බන්ධ.

සමසනය

1. නා. පථ්‍ය හා අපථ්‍ය ආහාර එකට අනුභව කිරීම.
2. කෙටි කිරීම ; එක් කිරීම.

සමසන්තතික

වි. (පාරිභා.) (ගණිත.) එක සමාන ශීඝ්‍රතාවකින් අවිච්ඡින්න ව විචලනය වන ශ්‍රිතය හෙවත් රාශිය.

සමසම

වි. එක සමාන ; ඒකාකාර.

සමස්කන්ධ පද්ධතිය

(පාරිභා.) නා. එක සමාන ස්කන්ධයක් දරන අංශුවලින් හෝ කොටස්වලින් හෝ සමන්විත පදාර්ථය.

සමස්ත

1. වි. සකල ; සියලු ; සර්ව.
1. (ව්‍යාක.) පද කිහිපයක් එකතු කරන ලද ; සමාස කළ.

සමස්ත අගය

(පාරිභා.) නා. මුළු වටිනාකම ; එකතු වූ අගය.

සමස්ත උත්පාතය

(පාරිභා.) නා. ආර්ථික උද්ධමනය.

සමස්ත තාපය

(පාරිභා.) නා. සම්පූර්ණ තාපය.

සමස්තය

නා. එකතුව ; සංක්ෂිතය ; සමූහයක එකමුතුව.

සමස්තිථිය

නා. පෘථිවි පෘෂ්ඨයෙහි ඇති සමබර තත්ත්වය.

සමස්ථලය

(පාරිභා.) නා. සමතලාව ; මට්ටම.

සමස්ථානිකය

(පාරිභා.) නා. එක ම න්‍යෂ්ටික ආරෝපණයක් ඇති එහෙත් වෙනස් ස්කන්ධවලින් යුක්ත පරමාණු.

සමස්ථාපිත

වි. කිසියම් මූල ද්‍රව්‍ය දෙකක සමාන පරමාණුක ක්‍රමාංක හා අසමාන පරමාණුක ස්කන්ධ ඇතිවීම හා සම්බන්ධ.

සමස්ථාපිත පරිණාමනය

(පාරිභා.) නා. මූල ද්‍රව්‍ය දෙකක ඇති සමස්ථානික ස්වභාවය ; එක් ආකාරයක සිට තවත් ආකාරයකට ස්වාභාවිකව හෝ කෘත්‍රිම ලෙස හෝ පෙරළීම.

සමස්ථිතික සමතුලිතතාව

(පාරිභා.) නා. සමබරව පැවතීම ; සමතුලිත අවස්ථාවට පැමිණ ඇති බව.

සමස්ථිතිවාදය

(පාරිභා.) නා. පෘථිවි පෘෂ්ඨයේ සංතුලන අවස්ථාව පිළිබඳ මතය ; පෘථිවි පෘෂ්ඨයේ සමබර තත්වය පිළිබඳ නියමය ; සමතුලාවාදය ; සමස්ථිති සිද්ධාන්තය.