සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1714
සමල
වි. කිළුටු ; මල සහිත ; අපිරිසිදු.
සමලංකෘත
1. වි. මනා සේ අලංකාර කළ ; සැරසූ.
2. යුක්ත වූ.
සමලග්න
1. වි. ශරීරයේ එක් තැනකින් නිරෝගී පටකයක් ගෙන වෙනත් තැනක බද්ධ කිරීම පිළිබඳ වූ.
2. සමාන්තර පරිණාමය හේතුකොට ගෙන ව්‍යූහය හා විකාසනය සමාන වූ.
සමලම්බාක්ෂ ස්ඵටිකය
නා. ඝනාකාර පළිඟුව.
සමලම්බාස්රය
නා. ත්‍රපීසියම ; පාද දෙකක් සමාන්තර වූ ද, අනික් පාද දෙක සමාන්තර නොවූ ද චතුරස්‍රය.
සමලිංගිකතාව
1. නා. සමලිංග ඇති බව හෝ සමලිංග ඇති අය සේ හඟවන බව.
2. සමලිංගික රතිය.
සමවට
වි. පොදු ප්රතිපත්තියක පිහිටි ; හරියට ම වට වූ ; සියල්ලන් කෙරෙහි එක සේ පැතුරුණා වූ.
සමවත
1. නා. සමාපත්තිය ; ධ්‍යානයට පත් වීම ; සමාපත්තියට සමවැදීම ; පැමිණීම ; පිවිසීම.
2. සමාන වූ වස්තුව.
සමවතාක්ෂය
නා. කාන්දම ඇදගැනීමේ ශක්තිය ඇති ධ්‍රැවය.
සමවදන
වි. ධ්‍යානයට, සමාපත්තියට පැමිණෙන.
සමවදිනවා
ක්‍රි. ධ්‍යානයට, සමාපත්තියට එළඹෙනවා.
සමවන්
නා.ප්‍ර. ශ්‍යාම වර්ණය ; තද නිල් පැහැය.
සමවලෝකනය
නා. මැනවින් අවලෝකනය කිරීම ; මනාව පරීක්ෂා කිරීම.
සමවා
1. වි. සමප්‍රමාණ වූ ; සම පමණ ඇති.
2. සමාධිය.
සමවාය
1. නා.ප්‍ර. එක්වීම ; මිශ්රවීම.
2. ඉන්ද්රියයත් අරමුණත් අතර වූ සයාකාර සම්බන්ධතාවලින් එකක්.
3. සමූහය.
සමවැටුම
නා.ප්‍ර. සම ව පැවැත්ම ; සමානාත්මතාව.
සමවැත
නා. සමාධියට පැමිණීම ; සමාපත්තිය.
සමවැහි රේඛාව
නා. සිතියමක එක සමාන වර්ෂාපතනයක් ලැබෙන ස්ථාන සම්බන්ධ කර අඳිනු ලබන රේඛාව.
සමවුල්
වි. ගැවසී ගත් ; සමාකූල.
සමවෘත්තිලක්ෂ්යය
(පාරිභා.) නා. ඒක චක්‍රීය ලක්ෂ්‍යය ; ඒක වෘත්ත ලක්ෂ්‍යය.
සමශක්තිය
(පාරිභා.) නා. ප්රස්තූත හෝ ඒවායේ සංකේත හෝ අතර සමතාව.
සමශ්ර
වි. එක සමාන පැති ඇති.
සමශීතෝෂ්ණ කලාපය
නා. ඝර්ම කලාපයටත් ශීත කලාපයටත් අතරමැදි කලාපය ; සෞම්‍ය කලාපය.
සමශීර්ෂ
වි. මුදුන එක සමාන වූ ; මුදුන් එක ම මට්ටමකින් යුක්ත.
නා.ප්‍ර. ක්ලේශ ක්ෂය කිරීමත් පිරිනිවන් පෑමත් එකවිට ම සිදුවීම.