සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1716

සමස්පර්ශ කේන්ද්‍රය

(පාරිභා.) නා. මූලීය කේන්ද්‍රය ; ආමූල කේන්ද්‍රය.

සමස්‍යාව

1. නා. සම්පූර්ණ කළ යුත්ත ; පිරවිය යුතු දෙය.
2. ගැටලුව ; අවුල් සහගත දෙය.

සමසාර්වදිශ

(පාරිභා.) වි. සෑම දිශාවකට ම එක සමාන වූ භෞතික ලක්ෂණ ක්‍රියාකාරිත්වයක් හෝ පෙන්නුම් කරන.

සමසිත

නා. සමානාත්මතා චිත්තය ; මෛත්‍රී චිත්තය.

සමසීසී

නා.ප්‍ර. කෙලෙස් ක්ෂය කිරීම හා පිරිනිවන් පෑම එක විට සිදුවීම.

සමසුඛදුඃඛතා ගුණය

නා. සැපදුක් දෙක්හි සම ව පැවතීමේ ගුණය.

සමහන්

නා.ප්‍ර. එක්වීම ; සංයෝගය.
1. වි. (පාරිභා.) | ඒකාබද්ධ ; එකට බැඳී පවතින.
2. සමතලා ; මට්ටම්.

සමහන් වෙනවා

1. ක්‍රි. එක්වෙනවා ; සම්බන්ධ වෙනවා.
2. ඒකාබද්ධ වෙනවා ; එකට බැඳෙනවා.

සමහර

වි. ඇතැම් ; යම් යම්. නා.ප්‍ර. 1. කොටසක් ; එක්තරා ප්‍රමාණයක්.
2. අවසානය ; කෙළවර ; හමාර.

සමහරු

සර්ව.බහු. අයෙක් ; ඇතැමෙක් ; ඇතැම් දෙනා.

සමහවිය

නා. සමභාවය ; සමානබව.

සමහේලික රේඛාව

නා. සමාන ප්‍රමාණයෙන් සූර්ය විකිරණය ලැබෙන තැන් යා කරමින් සිතියමක ඇඳි රේඛාව.

සමහෝරා ප්‍රස්තාරය

නා. එක ම වේලාවක දී චලනය සිදුවන ස්ථාන දක්වන සංඛ්‍යා ප්‍රස්තාරය.

සම්

1. නා.ප්‍ර. ශරීරයේ පිටතින් ඇති සිවිය ; චර්මය ; හම.
2. කළු හෝ තද දුඹුරුපැහැය ; ශ්‍යාම වර්ණය.
3. සර්පයාගේ හැව.
වි. සත්‍ය ; නිවැරදි ; යහපත් ; සම්‍යක්.

සම්දරුවා

1. නා. භික්ෂූන් වහන්සේ ; ස්වාමිදරුවා.
2. කුලවතා.
3. නිලධාරියා.

සම්පජාන

වි. සිතා බලා ක්‍රියා කරන ; සම්‍යක් ප්‍රඥාවෙන් යුක්ත ; අවධානයෙන් සිටින.

සම්පජාන මුසාවාදය

නා. දැන දැන කියන බොරුව ; සිතා මතා කියන බොරුව.

සම්පටිච්ඡනය

නා. අරමුණු පිළිගැනීම.

සම්පත්

1. නා.ප්‍ර. ධනය ; ධන ධාන්‍යාදී වස්තුව ; (රටක ඇති) ස්වාභාවික වස්තු.
2. සැපත ; සුවය ; ශාන්තිය.

සම්පදා

නා.ප්‍ර. සමෘද්ධිය ; සඵලත්වය ; වාසනාව ; සෞභාග්‍යය.

සම්පන්න

1. වි. දියුණු ; සමෘද්ධ ; අඩුලුහුඬු නැති.
2. යුක්ත ; සහිත ; සමන්විත ; සමන්නාගත.

සම්පප්‍රලාප

නා.ප්‍ර. බොළඳ වචන ; නිසරු කථා ; හිස්බස්.

සම්පර්කය

නා. සම්බන්ධය ; එක් වීම ; එක්සත් වීම.

සම්පරාග

(පාරිභා.) වි. කීලය වටා නළයක් වශයෙන් සිටින සේ හරහට යා වූ පරාගධානි පිළිබඳ වූ.