සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1717

සම්පසාදනය

නා. ශාන්ත භාවය ; ප්‍රීතිය ; ප්‍රමෝදය.

සම්පහංසනය

නා. සතුට ; ප්‍රමෝදය ; සන්තුෂ්ටිය.

සම්ප්‍රජාන

වි. විමසුම් නුවණින් යුත් ; මනා කොට දන්නා.

සම්ප්‍රජානනය

(පාරිභා.) නා. මැනවින් දැන ගැනීම.

සම්ප්‍රති

වි. වර්තමාන කාලයෙහි වූ ; දැන්.

සම්ප්‍රතිග්‍රහණය

නා. පිළිගැනීම ; ඉතා ආදරයෙන් පිළිගැනීම.

සම්ප්‍රතිඥාව

නා. එකගත්වය පොරොන්දුව ; සම්මුතිය.

සම්ප්‍රදාන

(ව්‍යාක.) නා.ප්‍ර. 1. ව්‍යාකරණ ශාස්ත්‍රයෙහි දීමනාවක් ලබන තැනත්තා හෝ වස්තුව හඟවන නාම විභක්තිය.
2. මනා දීම ; යහපත් දානය ; පරිත්‍යාගය.

සම්ප්‍රදාය

නා.ප්‍ර. දිගු කලක් පවත්වාගෙන එන සිරිත් විරිත් ; පරම්පරාගතව එන ඉගැන්වීම ; සම්මත චාරිත්‍රය ; පෙර සිරිත්.

සම්ප්‍රභව

(පාරිභා.) වි. එක පෙළපතකින් හටගත්.

සම්ප්‍රයුක්ත

වි. එක් ව යෙදුණු ; එකට සම්බන්ධ වූ.

සම්ප්‍රයුක්ත ප්‍රතික්‍රියාව

(පාරිභා.) නා. බල එකකින් හෝ වැඩි එකකින් ගණනකින් හෝ සෑදුණු ඉහළ බලයෙන් ඇති වන ප්‍රතික්‍රියාව.

සම්ප්‍රයුක්ත ප්‍රවේගය

(පාරිභා.) නා. බල එකකින් හෝ වැඩි ගණනකින් සෑදුණු ඉහළ බලයෙන් චලනය වීම පිළිබඳ ඇති වන ශීඝ්‍රතාව.

සම්ප්‍රයුක්ත පීඩනය

(පාරිභා.) නා. බල දෙකකින් හෝ වැඩි ගණනකින් හෝ සෑදුණු බලයෙන් ඇති වන තෙරපුම.

සම්ප්‍රයෝගය

නා. මනා ව එක් වීම ; යුක්ත වීම ; එක් ව යෙදීම ; යහපත් සම්බන්ධය.

සම්ප්‍රශ්නය

නා. විචාරණය ; විභාගය ; පරීක්ෂණය.

සම්ප්‍රහර්ෂණය

නා. අතිශය සතුටට පත් කිරීම ; මහත් ප්‍රීතියෙන් පුරවාලීම.

සම්ප්‍රාප්ත

වි. පැමිණි ; සපැමිණි.

සම්ප්‍රේක්ෂණය

නා. සලකා බැලීම ; අපේක්ෂා කිරීම.

සම්ප්‍රේෂකය

(පාරිභා.) නා. දෘශ්‍ය හා ශබ්ද විද්යුත් තරංග විසුරුවා හරින උපකරණ කට්ටලය.

සම්ප්‍රේෂණය

(පාරිභා.) නා. 1. විද්‍යුත් දෘශ්‍ය හා ශබ්ද තරංග එක් ස්ථානයක සිට වෙනත් ස්ථානයකට යැවීම.
2. (චිත්ත ආවේගයන්) ගලා යාම.

සම්ප්‍රේෂණාගාරය

(පාරිභා.) නා. සම්ප්‍රේෂණ කාර්ය සඳහා උපයෝගී කරගන්නා ස්ථානය.

සම්පාතය

1. නා. එක්වීම ; එකඟවීම.
2. වැටීම ; බැසීම.
3. (පාරිභා.) එකම කාල පරාසයක් තුළ සිද්ධ වීම ; සමකාල වර්තය.

සම්පාදනය

නා. සකස් කිරීම ; සූදානම් කිරීම ; පිළියෙල කිරීම.