සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1718
සම්පිණ්ඩනය
1. නා. කැටි කිරීම ; එක්රැස් කිරීම ; රාශිභූත කිරීම.
2. සංක්ෂේපය ; සාරාංශය ; එකතුව.
සම්පිහිත
(පාරිභා.) වි. දිග අතට මැදින් දෙකට නැමී සිටි.
සම්පීජනය
(පාරිභා.) නා. තෙරපීම ; තල්ලු කිරීම.
සම්පීඩක
(පාරිභා.) වි. පීඩනය හෙවත් තෙරපීම ඇති කරන.
සම්පීඩක කඳ
(පාරිභා.) නා. සම්පීඩනය ඇති කරන යන්ත්‍ර දණ්ඩ.
සම්පීඩකය
නා. සම්පීඩනය ඇති කරන දෙය හෝ මෙවලම ; සම්පීඩන උපකරණය.
සම්පීඩ්‍ය වික්‍රියාව
(පාරිභා.) නා. තෙරපීම හෙවත් සම්පීඩනය හේතු කොටගෙන ඇති විය හැකි වෙනස්වීම.
සම්පීත
වි. මනාව පිරුණු ; හොඳින් පිරී සිටි.
සම්පුටය
1. නා. කරඬුව.
2. ගොටුව.
3. පොදිය ; මුළ.
සම්පුල්ල
වි. හොඳින් පිපුණු ; මනාව විකසිත වූ.
සම්පූරක
වි. (අඩුව) සපුරන ; සම්පූර්ණ කරන.
සම්පූර්ණ
වි. අඩුවක් නැති ; සපිරුණු ; සියලු ; මුළු.
සම්පෘක්ත ද්‍රාවණය
නා. යම් ද්‍රව්‍යයක් උපරිම ලෙස දිය වී, වෙනත් දිය නොවන මට්ටමට පත් වූ ද්‍රාවණය.
සම්ඵ
1. වි. හිස් ; නිසරු.
2. හිතසුව විනාශ කරන.
සම්ඵප්පලාප
නා.ප්‍ර. වැඩකට නැති නිසරු කථා ; හිස් බස්.
සම්ඵලය
(පාරිභා.) නා. පුෂ්ප මංජරියකින් සෑදුණු ඵලය ; සංයුක්ත ඵලය.
සම්ඵස්සය
නා. යහපත් පහස ; ස්පර්ශය ; ගැටීම.
සම්බද්ධ
වි. එකට බැඳුණු ; සම්බන්ධ.
සම්බන්ධ
1. වි. බැඳුණු ; එක්වුණු ; හවුල්.
2. අදාළ ; ප්රස්තුත.
1. නා.ප්‍ර. බැඳීම ; සම්බන්ධ වීම ; මිත්‍රත්වය.
2. (ව්‍යාක.) ව්‍යාකරණ ශාස්ත්‍රයෙහි අයිතිය හඟවන නාම විභක්තිය.
සම්බන්ධක
(පාරිභා.) වි. අනුයෝජනය වන ; එක් කරන ; යා කරන.
සම්බන්ධක දණ්ඩ
(පාරිභා.) නා.ප්‍ර. යා කරන දඬුව ; එක් කරන කූර.
සම්බන්ධක නියුරෝනය
(පාරිභා.) නා. යා කරන ස්නායු සෛල සම්බන්ධ කරන්නා වු ප්‍රතිග්‍රාහක සෛල.
සම්බන්ධනය
(පාරිභා.) නා. 1. යා කිරීම ; එක් කිරීම ; එකට බැඳී සිටීම.
2. ව්‍යාපාර සම්බන්ධකරණය.
සම්බන්ධීකරණය
නා. අංශ කීපයක වැඩ කටයුතූ සමායෝජනය කිරීම ; සම්බන්ධ කිරීම ; යා කිරීම.