සම්බන්ධ

sambandha

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. බැඳුණු ; එක්වුණු ; හවුල්.
2. අදාළ ; ප්‍රස්තුත.
1. නා.ප්‍ර. බැඳීම ; සම්බන්ධ වීම ; මිත්‍රත්වය.
2. (ව්‍යාක.) ව්‍යාකරණ ශාස්ත්‍රයෙහි අයිතිය හඟවන නාම විභක්තිය.

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. එක් කිරීම; එක්වීම; ගැළපීම.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. සමගි බන්ධනය, එකට එක බැඳීම. (පි. 504)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. adj. cognate
2. adj. concerned
3. adj. correlative
4. a. involved
5. a. related
6. towards

Digital Pāḷi Dictionary