බුද්ධදත්ත පාලි අකාරාදිය – 715
සම්ඵුසිත
3. විවර නැති සේ ළං වූ; ස්පර්ශ කළ; හැපුණු.
සම්බද්ධ
3. එකට බැඳුණු; බඳින ලද.
සම්බන්ධ
පු. එක් කිරීම; එක්වීම; ගැළපීම.
සම්බන්ධති
(සං+බන්ධ+අ) එක්තැන් කරයි; ගළපයි; සම්බන්ධ කරයි.
සම්බන්ධන
න. එකට ගැළපීම.
සම්බන්ධිත
3. ගැළපූ; සම්බන්ධ කළ.
සම්බන්ධිතබ්බ
3. එකට ගැළපිය යුතු.
සම්බන්ධිත්වා
පූ.ක්රි. එක් කොට; එකට ගළපා.
සම්බන්ධිය
පූ.ක්රි. එක් කොට; එකට ගළපා.
සම්බල
න. උපකරණ; මාර්ගෝපකරණ.
සම්බහුල
3. බොහෝ වූ.
සම්බාධ
පු. අනවකාශය; ඉඩ මද බව; තද බද වීම; හකු බව.
සම්බාධන
න. ඉඩ නැති කිරීම; තදබල කිරීම.
සම්බාධෙති
(සං+බාධ+ණෙ) ඉඩ නැති කරයි; දතබද කරයි.
සම්බාධෙන්ත
3. ඉඩ නැති කරන; තදබද කරමින්.
සම්බාහති
(සං+බහ+අ) අතගායි; මඩියි; මිරිකයි (අතපය).
සම්බාහන
න. අතගා මැඩීම.
සම්බාහන්ත
3. අතගා මඩින; අතගා මඩිමින්.
සම්බාහිත්වා
පූ.ක්රි. අතගා මැඩ.
සම්බාහිය
පූ.ක්රි. අතගා මැඩ.
සම්බුක
පු. බෙල්ලා.
සම්බුජ්ඣති
(සං+බුධ+ය) අවබෝධ කරයි; මනාසේ දැන ගනී.
සම්බුජ්ඣන
න. බුදුවීම; මනාසේ අවබෝධ කිරීම.
සම්බුජ්ඣන්ත
3. මනාසේ අවබෝධ කරන.