බුද්ධදත්ත පාලි අකාරාදිය – 716
සම්බුජ්ඣිත්වා
පූ.ක්රි. අවබෝධ කොට; බුදු වී.
සම්බුජ්ඣිතුං
නි. මනාසේ දැන ගන්ට.
සම්බුජ්ඣිය
පූ.ක්රි. අවබෝධ කොට; බුදු වී.
සම්බුද්ධ
3. මනාසේ අවබෝධ කළ; පු. බුදුරද.
සම්බොජ්ඣඞ්ග
පු. මාර්ගඵලාවබෝධයට උපකාර වන ධර්ම කොටස.
සම්බොධ
පු. උසස් දැනුම; තත්වාවබෝධය.
සම්බොධන
න. අනිකෙකුට ආමන්ත්රණය; ආලපනය.
සම්බොධි
ඉ. නිර්වාණාවබෝධය; මනා අවබෝධය.
සම්බොධෙත්වා
පූ.ක්රි. පුබුදුවා; මනාසේ අවබෝධ කරවා.
සම්බොධෙති
(සං+බුධ+ණෙ) පුබුදුවයි; මනාසේ අවබෝධ කරවයි.
සම්භග්ග
3. බිඳී ගිය.
සම්භඤ්ජති
(සං+භඤ්ජ+අ) කඩා දමයි; බිඳ දමයි.
සම්භඤ්ජන
න. කඩා බිඳ දැමීම.
සම්භත
3. රැස් කළ; සපයා ගත්.
සම්භත්ත
3. භක්තිමත් මිත්රයා.
සම්භම
පු. කැරකීම; භ්රමය; වික්ෂේපය.
සම්භමති
(ස+භම+අ) කැරකේ; භ්රමණය වේ.
සම්භව
පු. ඉපදීම; මූලාරම්භය; ශුක්ල ධාතුව; හටගැන්ම.
සම්භවති
(සං+භු+අ) උපදී; ලැබේ; හට ගනී.
සම්භවන
න. සිදු වීම; හටගැන්ම.
සම්භවෙසී
3. ඉපදීම සොයන්නා; උපදිමින් සිටින්නා.
සම්භාර
පු. න. උපකරණ; රාශිය; සෑදීමට ගනු ලබන දේවල් (සුරා).
සම්භාවනා
ඉ. ගෞරව කිරීම; බුහුමන් කිරීම.
සම්භාවනීය
3. ගෞරව ලැබූ; බුහුමන් කරනු ලැබූ.