සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 887

සම්බන්ධ

පු. සමගි බන්ධනය, එකට එක බැඳීම. (පි. 504)

සම්බන්ධන

න. බැඳීම, සමගි බන්ධනය. (පි. 504)

සම්බර

පු. එනම් අසුරයා. (පි. 504)

සම්බරී

ඉ. ඉන්ද්‍ර‍ජාලය. (පි. 504)

සම්බල

ති. මාර්‍ගොපකරණ, මග වියදම. (පි. 504)

සම්බහන

න. උතුරුසළුව, උත්තරසාටකය. (පි. 504)

සම්බහුල

ති. බොහෝ දෙය. (පි. 504)

සම්බහුලික

ති. බොහෝ දෙනාට අයත්. (පි. 504)

සම්බාධ

පු. නිරවකාශය, ගුහ්‍ය වූ දෙය, හිරිහැරය. (පි. 504)

සම්බාහති

ක්‍රි. (√ භු. බාහ, නිවාරණෙ, වැලැක්මෙහි +ති) සම්බාහනය කරයි, මඩියි. (පි. 504)

සම්බාහන

න. මැඩීම, මිරිකීම, පොඩිකිරීම. (පි. 504)

සම්බුක

පු. රන්වන් බෙල්ලා. (පි. 504)

සම්බුජ්ඣති

ක්‍රි. (√ භු. බුධ, බොධනෙ, අවබොධයෙහි +ති) අවබෝධකරයි, දැන ගනියි. (පි. 504)

සම්බුජ්ඣන

න. අවබෝධය. (පි. 504)

සම්බුද්ධ

පු. මනාව අවබෝධකළ තැනැත්තා, බුදුරජ. (පි. 504)

සම්බුද්ධි

ඉ. ස්වකීය බුද්ධිය. (පි. 504)

සම්බොජ්ඣඞ්ග

න. සතර මාර්‍ගඥානයයි කියන ලද බොධියට අඞ්ගවන ධර්‍ම, සත්තිස් බෝ පැකිදම්. (පි. 504)

සම්බොධ ධම්ම

පු. සර්‍වඥයන් වහන්සේ (පි. 504)

සම්බොධන

න. ආමන්ත්‍ර‍ණය, ආලපනය. (පි. 504)

සම්බොධි

ඉ. සර්‍වඥතා ඥානය, බුද්ධ ඥානය, සම්බොධිය. (පි. 504)

සම්භ

√ භු. විස්සාසෙ, විස්වාශයෙහි, සම්භවති, සම්භවෙයි. (පි. 505)

සම්භජති

ක්‍රි. (√ භු. භුජ. සෙවායං, සෙවනය කිරීමෙහි +ති) භජනය කරයි. (පි. 505)

සම්භත

ති. රැස්කරන ලද, රාශීභූත කරන ලද. (පි. 505)

සම්භත්ත

පු. දැඩිමිත්‍ර‍යා, දෘඪමිත්‍ර‍යා. (පි. 505)