සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 888

සම්භත්තී

ඉ. දැඩි මිත්‍රබැව් ඇත්තා. (පි. 505)

සම්භම

පු. ගෞරවය, භීතිය, කලකිරීම. (පි. 505)

සම්භව

පු. උත්පත්තිය, හේතුව, ඇල්ම, ශුක්‍ර‍ධාතුව. (පි. 505)

සම්භාර

පු. රාශිය, සමූහය. (පි. 505)

සම්භාවනා

ඉ. ප්‍ර‍සංශාව, ස්තුතිය, බුහුමන් කිරීම. (පි. 505)

සම්භාවනීය

ති. සම්භාවනා කටයුතු, ගරු කටයුතු. (පි. 505)

සම්භාසා

ඉ. සම්‍යග් කථාව. (පි. 505)

සම්භින්න

පු. බිඳුනු, භග්ගනකළ. (පි. 505)

සම්භීත

ති. බියවනලද, බියවූ. (පි. 505)

සම්භු

√ සු. පාපුණනෙ, පැමිණවීමෙහි, සම්භුණති, පැමිණේ.
පු. බ්‍ර‍හ්මයා, විෂ්ණු, ඊශ්වරයා. (පි. 505)

සම්භුණාති

ක්‍රි. (√ දි. භූන, පත්තියං, පැමිණවීමෙහි +ති) පැමිණෙයි. (පි. 505)

සම්භුත

පු. හටගත්, උපන්. (පි. 505)

සම්භුනාති

ක්‍රි. (√ කි. භු. පත්තියං, පැමිණවීමෙහි +ති) උපදවයි. (පි. 505)

සම්භූ

√ භු. පීඩායං, පෙළීමෙහි, සම්භති, සම්භවති, පෙළයි, පීඩාකරයි. (පි. 505)

සම්භෙද

පු. ගංමුවදොර, මෝය, බිඳීම. (පි. 505)

සම්භොග

පු. ශෘඞ්ගාරභේදය, පරිභොගය, වලඤ්ජනය. (පි. 505)

සම්ම

අ. යහලුව, මිතුර, කංසතාලය, කයිතාලම. (පි. 505)

සම්මග්ගත

පු. මනාව පැමිණි, යහපත්ව පිළිපැඳි. (පි. 505)

සම්මජ්ජති

ක්‍රි. (√ භු. මජ්ජ, මජ්ජනෙ, මර්‍දනයෙහි +ති) හමදියි, සම්මාර්‍ජනය කරයි. (පි. 505)

සම්මජ්ජන

න. හැමදීම, ඇමදීම. (පි. 505)

සම්මජ්ජනී

ඉ. මුස්න, මුසන. (පි. 505)

සම්මජ්ජිත

ති. අමදිනලද, අතුගාදමනලද. (පි. 505)

සම්මට්ඨ

පු. සමතලා කරන ලද. (පි. 505)

සම්මත

පු. සම්මතකළ, ව්‍යවස්ථාකළ. (පි. 505)