සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1719

සම්බාධ

වි. බාධා සහිත ; අවහිර සහිත ; අනවකාස.
නා.ප්‍ර. බාධාව ; අවහිරය.

සම්බාධකය

(පාරිභා.) නා. විද්‍යුත් ධාරා වැළැක්වීම පිණිස තිබෙන ප්‍රේරණ දඟරයක් ; කාබියුරේටරයට ඇතුළු වන වාතය සීමා කරන මෙවලමක්.

සම්බාධනය

(පාරිභා.) නා. ප්‍රේරණය හේතු කොටගෙන පරිපථයක් ප්‍රත්‍යවර්ත විද්‍යුත් ධාරාවට දක්වන ප්‍රතිරෝධයේ දෘශ්‍යමය වැඩිවීම.

සම්බාන

නා. එක සමාන ඔරු දෙකක් එකට ගළපා සෑදූ යාත්‍රා විශේෂයක් ; පාරුව.

සම්බාහනය

නා. අත් පා ආදිය මිරිකීම ; මැඩීම ; ඇඟ මිරිකීම.

සම්බුද්ධ

නා. ස්ව බුද්ධියෙන් චතුරාර්ය සත්‍යය අවබෝධ කරගත් උත්තමයා ; බුදුරජාණන් වහන්සේ.

සම්බුද්ධ රාජ්‍ය්‍ය

නා. රාජ්‍ය ගණනක් එක් ව තනි රාජ්‍යයක් ලෙසින් කරනු ලබන රාජ්‍යය.

සම්බුද්ධ ශාසනය

1. නා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය ; බුද්ධ ශාසනය.
2. බුද්ධ ධර්මය හා ආශ්‍රිත ව පවතින සංඝ රත්නය, ආයතන සංවිධාන, චර්යා කටයුතු ආදිය ඇතුළත් සමස්තය.

සම්බුද්ධිය

නා. බුදුකෙනකුන් වෙත පහළ වන සර්වඥතා ඥානය ; මනා අවබෝධය.

සම්බෝද්ධ්‍යාංග

නා.ප්‍ර. සම්බෝධිය හෙවත් ආර්ය මාර්ග ඥානය ලැබීමට උපකාර වන ධර්ම.

සම්බෝධිය

නා. බුදුබව ; සර්වඥතා ඥානය ; ආර්ය මාර්ග ඥානය.

සම්භක්ත

වි. හිතවත් ; විශ්වාස ; සම්බන්ධ.

සම්භවය

නා. ඉපදීම ; පහළවීම ; හටගැනීම.

සම්භවේසී

නා.ප්‍ර. සම්භවය හෙවත් උපත සොයන්නා ; අන්තරාභවිකයා.

සම්භ්‍රාන්තිය

නා. සිතේ අවුල් ස්වභාවය ; කැළඹිල්ල ; නොසන්සුන් ගතිය.

සම්භාර

1. නා.ප්‍ර. සමූහය ; රාශිය ; විශාල ප්‍රමාණය ; ගොඩ.
2. උපකරණ ; අවශ්‍ය දෙය.
3. හේතුව ; කාරණය.
4. (මූලික) කටයුත්ත.

සම්භාවනය

නා. සැලකීම ; කල්පනා කිරීම ; සිතීම ; අදහස.

සම්භාවනීය

වි. ගරු කටයුතු ; බුහුමන් කටයුතු.

සම්භාව්‍ය

1. වි. (පාරිභා.) අහම්බෙන් සිදුවන ; අස්ථිර ; ආනුෂංගික.
2. ගෞරවයට පාත්‍ර වූ.

සම්භාවිත

වි. බුහුමන් කරන ලද ; සම්භාවනා කරන ලද.

සම්භාවී

වි. විය හැකි ; සිදුවිය හැකි.

සම්භාෂණය

1. නා. එක් ව කථා කිරීම ; ප්‍රිය කතාව.
2. ප්‍රිය සාදය ; මංගල්‍යය.

සම්භූත

වි. උපන් ; හටගත් ; ඇති වූ.

සම්භූතිය

නා. හටගැනීම ; සම්භවය.