සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1720

සම්භෝගය

1. නා. අනුභවය ; වින්දනය.
2. සංවාසය ; මෙවුන්දම් සෙවීම.
3. එකට කටයුතු කිරීම ; සහ වාසය.

සම්මණ්ඩලය

(පාරිභා.) නා. නියත හැඩයක් හා සංවිධානයක් ඇති තනි ශාකයක් වශයෙන් හැසිරෙන ඇල්ගී සෛල සමූහයක්.

සම්මත

1. වි. ගරු කළ ; බුහුමන් කළ.
2. පිළිගත් ; තෝරාගත්.
3. (පාරිභා.) නිර්දේශිත ඒකකයක් පිළිබඳ ; ප්‍රමිත කළ ; ප්‍රාමාණික.

සම්මත අපගමනය

(පාරිභා.) නා. නිරීක්ෂණ කීපයක ඒවායේ මධ්‍යන්‍යයෙන් වෙනස්වන ප්‍රමාණවල වර්ණළුල සාමාන්‍යයේ මූලය.

සම්මත ආමානය

(පාරිභා.) නා. තහඩුවල ඝනකම හා කම්බිවල විෂ්කම්භය ආදිය මැනීමේ ප්‍රාමාණික මිම්ම.

සම්මත දින රේඛාව

නා. ජාත්‍යන්තර වශයෙන් පිළිගත් දිනය නියම කර ගැනීමට උදව් වන අංශක 1800 වෙනි මධ්‍යහ්න රේඛාවට සමීපව විහිදෙන රේඛාව.

සම්මත මානය

(පාරිභා.) නා. සම්මත මිනුම ; නියම මැනුම.

සම්මත වේලාව

නා. තෝරාගත් මධ්‍යාහ්න රේඛාවක් අනුව විශාල ප්‍රදේශයක් සඳහා සම්මත කරගත් වේලාව.

සම්මතය

1. නා. නියමය ; විධානය.
2. තීරණය ; පිළිගැනීම.
3. ප්‍රමිතිය.

සම්මන්ත්‍රණය

නා. පිරිසක් එකතුව කරන කථාව ; සංවාදය ; සාකච්ඡාව.

සම්මප්පධානය

නා. යහපත් උත්සාහය ; සම්‍යක් වීර්යය.

සම්මර්ශනය

නා. මනා කොට විමසීම ; සිතීම.

සම්මරු

නා.ප්‍ර. සම්කරු ; හම්වලින් භාණ්ඩ තනන්නා.

සම්මා

වි. නිවැරදි ; යහපත් ; මනා ; සම්‍යක්.

සම්මා දිට්ඨිය

නා. නිවැරදි දැක්ම; මිථ්‍යාදෘෂ්ටිය නසන යථාභූත සඞ්ඛ්‍යාත මාර්ගාඞ්ගය.

සම්මා වායාම

නා. යහපත් උත්සාහය ; උපන් අකුසල් දුරලීම හා නූපන් අකුසල් ඇති නොකර ගැනීම ආදි සතර සම්‍යක් ප්‍රධාන වීර්යයෙන් යුතු වීම.

සම්මා සති

නා.ප්‍ර. මනා සිහිය.

සම්මා සම්බුද්ධ

නා.ප්‍ර. ස්වකීය වීර්යයෙන් ම සියලු කෙලෙස් නසා සර්වඥතාඥානය අවබෝධ කරගත් අති උත්තමයා ; ලොවුතුරා බුදුරජාණන් වහන්සේ.

සම්මාදම

නා. පොදු කටයුතුවලදී ධනයෙන්, ශ්‍රමයෙන් හෝ වෙනත් අයුරකින් සහාය දැක්වීම.

සම්මානය

1. නා. ගරු බුහුමන් දැක්වීම; සත්කාර කිරීම.
2. උසස් සාමර්ථ්‍යය ගෞරව සාමර්ථ්‍යය.
3. ගෞරව වශයෙන් ප්‍රදානය කරනු ලබන සහතික, කුසලාන, සංකේත ආදිය.

සම්මාර්ජනය

නා. අතුගෑම හැමඳීම.

සම්මැට

වි. හමින් කළ.

සම්මැට්ටිය

නා. හම් ලණුවක් සහිත කසය.

සම්මැඩ

නා.ප්‍ර. මයින හම.