සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 719

තරණිපත

නා.ප්‍ර. හිරුගේ ගමන් මග; සූර්යපථය.

තරණිමණ්ඩල

නා.ප්‍ර. හිරු මඬල; සූර්ය බිම්බය.

තරපතර

නා. රැස් කඳ; රශ්මී සමූහය; රශ්මි කදම්බය.

තරපවුරු

නා.ප්‍ර. ආරක්ෂාව සඳහා ගෘහ ආදිය වට කොට බැඳී ශක්තිමත් බැම්ම; තාප්ප බිත්තිය.

තරප්පිය

නා. ගෘහ මන්දිරාදියේ උඩුමහලට නැගීමට හා එයින් බැසීමට දැව ආදියෙන් සාදන පඩිපෙළ; පියගැට පෙළ; හිනි පෙළ; සෝපානය.

තරප්පුව

වි. තෘප්තිමත්; සතුටු.
නා. ගෘහ මන්දිර ආදියෙහි උඩුමහලට නැගීමට ඇති පඩිපෙළ; පියගැට පෙළ; හිණි පෙළ.

තරපාරු

වි. දැඩි ස්ථීරත්වයෙන් යුතු; තිරසර; ස්ථීරසාර.

තරබාරු

වි. (සිරුර) මහතින් වැඩි වූ; මහතදෙහෙත ඇති; පුෂ්ටිමත්; ස්ථූල.

තරම

1. නා. පමණ; ප්‍රමාණය; ශක්ති ප්‍රමාණය.
2. නා. සිතේ පවත්නා ආකාරය; චරිත ස්වභාවය.
වි. ගැළපෙන; යෝග්‍ය.

තරමතිරම

නා. පුද්ගලයකුගේ සැබෑ තත්ත්වය; සමාජ තත්ත්වය; තරාතිරම.

තරමල

නා.ප්‍ර. තද මලපුඩුව; දැඩි පාශය.

තරම්පදම්

1. නා.ප්‍ර. ප්‍රමාණය; තරම
2. නා.ප්‍ර. තරාතිරම; තත්ත්වය; ස්වභාවය.
3. නා.ප්‍ර. සම්පත; වස්තුව.

තරමාන

වි. කඩිනම්; ඉක්මන්; වෙලවි.

තරය

1. නා. වේගය; ඉක්මන.
2. නා. ශක්තිය; පරාක්‍රමය.

තරයා

නා. නොසැලෙන සිත් ඇත්තා; නිශ්චිත අරමුණක් ඇති පුද්ගලයා; අධිෂ්ඨාන සම්පන්න තැනැත්තා.

තරයේ

ක්‍රි.වි. දැඩි ව; තදින්.

තරල

1. වි. සෙලවෙන; චංචලවන; ලෙලදෙන.
2. වි. දියාරු; ද්‍රාවමය.

තරල සාරය

නා. ඖෂධ ආදියෙන් පෙරා ගන්නා දියර සාරය.

තරලමිණ

නා. විෂ්ණු දෙවියන්ගේ ළපැත්තෙහි පැලඳි මැණික; කෞස්තුභ මාණික්‍යය.

තරලය

1. නා. චංචලවන දේ.
2. නා. ගලන ද්‍රව්‍යය; දියර.
3. නා. කැඳ.

තරවටුව

නා. තදින් අවවාද කිරීම; සැරවැර කිරීම; තර්ජනය.

තරවෙනවා

1. ක්‍රි. ප්‍රභාවත් වෙනවා; පැහැපත් වෙනවා; ශෝභාවත් වෙනවා.
2. ක්‍රි. ස්ථූල වෙනවා; මහත් වෙනවා.
3. ක්‍රි. නොසැලී පවතිනවා; නිශ්චලව සිටිනවා.

තරසන

නා. ගිගුරුම; අහස ගෙරවීම; මේඝ ගර්ජනාව; මේඝ නාදය.

තරසනවා

ක්‍රි. තරහ වෙනවා; කෝප වෙනවා; අමනාප වෙනවා.