සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 718
තරංග වර්තනය
(පාරිභා.) නා. නොගැඹුරු ජලයේ එයට ආනත ව ගමන් කරන තරංග සමූහයකම ගමන් මඟෙහි වෙනස් වීම (=wave refraction).
තරංග ශීර්ෂය
(පාරිභා.) නා. තරංගයක් මුදුන (=crest of wave).
තරංගන වාදය
(පාරිභා.) නා. තරංග මෙන් පැවතීම පිළිබඳ සිද්ධාන්තය (=undulatory theory).
තරංගනය
(පාරිභා.) නා. රැල්ලක් වශයෙන් පැවතීම; උන්නතාවනත ව පැවතීම (=undulation).
තරංගය
1. නා. යම් ස්වාභාවික හේතු කරණ කොට ගෙන සාගර, ගංගා, ජලාශ ආදියේ ජලය උඩට පේළි වශයෙන් නැඟෙමින් බසිමින්, මතුපිට ඇදී යමින් බිඳෙන දියකඳ; ජලකඳ; රළ.
2. (භෞති.) නා. උෂ්ණය, ආලෝකය, ශබ්දය, විදුලිය ආදිය එක් දිසාවකට ගමන් කරවීමේ මාධ්යය වන ජලය, වායුව වැනි ගලා යන තරලයක අභ්යන්තර අංශු චලනය නිසා ඇතිවන රැල්ල.
3. නා. කිසියම් වස්තුවක රළ මෙන් එක පෙළට ඇති වන උස් පහත් වීම.
4. නා. සාහිත්ය කෘතියක කොටස; පරිච්ඡේදය.
තරංගවාදය
(පාරිභා.) නා. තරංග පිළිබඳ වූ න්යාය හෙවත් සිද්ධාන්තය (=wave theory).
තරංගාවලිය
නා. එක පිට එක නඟින රැල්ල; රළ මාලාව.
තරංගි
වි. තරංගවලින් යුක්ත; රැළි සහිත; ගැඹුරට රැළි වැටුණු.
තරංගිකාව
(පාරිභා.) නා. කුඩා තරංගය; කුඩා රැල්ල (=wavelet).
තරංගීය ඛාදනය
(පාරිභා.) නා. දිය රළින් වෙරළ සේදී යාම; රැල්ල වැදීමෙන් ගොඩබිම සේදී යාම; මූදු කෑම; සමුද්ර ඛාදනය (=wave erosion).
තරක්
වි. තරගකාරී වශයෙන් පවත්නා; තරගකාරී; තරගය පිළිබඳ වූ.
නා.ප්ර. තරගය; එකිනෙකා පරයා කටයුතු කිරීම.
තරක් කරනවා
1. ක්රි. උනුන් පරදවා ජය හෝ වාසි ලබා ගැනීම සඳහා ක්රියා කරනවා; තරග කරනවා.
2. ක්රි. දබර කරනවා; අරගල, ආරවුල් කරනවා.
තරක් වාසිය
(පාරිභා.) නා. වෙළහෙළඳාම් ආදියේ දී තරගයෙන් ලැබෙන වැඩි ලාභය; තරග වෙළඳාමෙන් ලැබෙන වාසිය (=competitive advantage).
තරක් වෙනවා
ක්රි. වාද විවාද වෙනවා; තරග වෙනවා; දබර වෙනවා; ගැටෙනවා.
තරග කරනවා
ක්රි. උනුන් පසුබා ජය හෝ වාසි ලබා ගැනීමට ක්රියා කරනවා.
තරගය
නා. අනුන් පරදවා තමන් ජය ගැනීමේ අදහසින් කරන ක්රියාව; ජයග්රහණය සඳහා දෙපක්ෂයක් අතර කෙරෙන ක්රීඩා සටන හෝ විවාදය; අන් අයට වඩා තමා ප්රමුඛ ව සිටීමේ අපේක්ෂාවෙන් ගෙන යන ක්රියාපටිපාටිය.
තරගෙය
තරඟ
1. නා. ශෝභා සහිත ශරීරය; පැහැපත් සිරුර.
2. නා. සයුරු ආදියෙහි නැගෙන රළ.
තරඟවැළ
1. නා.ප්ර. රළ පෙළ; තරඞ්ග පඞ්ක්තිය; තරඞ්ගාවලිය.
2. (ඡන්ද.) නා.ප්ර. සිවුපද විරිතක එක් එක් පාදයේ බගණ තුණකින් අනතුරු ව ගුරු අක්ෂර දෙකක් යෙදී සෑදෙන විරිත.
තරච්ඡයා
නා. වලස් වර්ගයට අයත් සිව්පාවකුගේ නාමය; කරබානා වලසා.
තරණ
1. වි. ළමා සහ වැඩිහිටි වයස් සීමා අතර කාලයට අයත්; තරුණ; යොවුන්.
2. වි. බාල; ළපටි; නොමේරූ.
තරණය
1. නා. ගංගා, සාගර, කාන්තාර ආදිය හරහා යෑම; එගොඩ වීම: එතෙර වීම; පරතෙරට යෑම.
2. නා. දුක්, විපත් බාධක ආදි සසර දුකින් එතරවීම.
3. නා. සාගර, ගංගා කාන්තාර ආදියෙන් එතෙර වීමට උපකාර වන නැව්, පහුරු ආදි වූ යාත්රා.
තරණය කරනවා
ක්රි. එතෙර වෙනවා; පරතෙරට යනවා.
තරණි
1. නා.ප්ර. සූර්යයා.
2. නා.ප්ර. රශ්මිය.
3. නා.ප්ර. ගමන් මඟ.
4. නා.ප්ර. සාගර තරණයට උපකාරී වන යාත්රාව; නැව.
5. නා.ප්ර. තඹ.