තරංගය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. යම් ස්වාභාවික හේතු කරණ කොට ගෙන සාගර, ගංගා, ජලාශ ආදියේ ජලය උඩට පේළි වශයෙන් නැඟෙමින් බසිමින්, මතුපිට ඇදී යමින් බිඳෙන දියකඳ; ජලකඳ; රළ.
2. (භෞති.) නා. උෂ්ණය, ආලෝකය, ශබ්දය, විදුලිය ආදිය එක් දිසාවකට ගමන් කරවීමේ මාධ්‍යය වන ජලය, වායුව වැනි ගලා යන තරලයක අභ්‍යන්තර අංශු චලනය නිසා ඇතිවන රැල්ල.
3. නා. කිසියම් වස්තුවක රළ මෙන් එක පෙළට ඇති වන උස් පහත් වීම.
4. නා. සාහිත්‍ය කෘතියක කොටස; පරිච්ඡේදය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. සාගර, ජලාශ ආදියෙහි උස් ව නැඟී, පෙරළී එන ජල කඳ/ආවර්තිත ව නැග බැස යන, කැලඹීමක් සේ පැතිරෙන, ශබ්ද, තාප, විද්‍යුත් හෝ විද්‍යුත් චුම්බක ධාරාව (පා. සං. තරඞ්ග)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. beam
2. Law. competition
3. n. wave