සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 720
තරසර
වි. ඉතා සවි ඇති; ස්ථිර සාර.
තරස්
නා.ප්‍ර. වලස් ජාතියක්; තරබාන වලසා; තරක්ෂුවා.
තරස්ථානය
නා. තරණය කරන ස්ථානය; තොටුපළ; තීර්ථය.
තරස්දණ්ඩ
නා.ප්‍ර. රෙදි විවීමේ දී එහා මෙහා දුවන සැටලය; නඩාව.
තරහ
නා.ප්‍ර. අමනාපය; කෝපය; රෝෂය.
තරහලුවා
නා. රන්රිදී බඩු සාදන්නා; රන්කරුවා.
තර්ක ඥානය
නා. තර්කයෙන් ලබන නුවණ; හේතු-යුක්ති විභාගයෙන් ලබන දැනුම.
තර්ක නිර්ණය
නා. තර්කයෙන් බැසගන්නා නිගමනය.
තර්ක විතර්ක කරනවා
ක්‍රි. පක්ෂ ව හා විපක්ෂ ව තර්ක කරනවා.
තර්ක ශාස්ත්‍රඥයා
නා. තර්ක ශාස්ත්‍රය දන්නා තැනැත්තා; තාර්කිකයා.
තර්ක-විතර්ක
නා.ප්‍ර. වාද ප්රතිවාද.
තර්කග්රාහී
වි. තර්කය ම පිළිගන්නා; තර්කයට ම නැඹුරු වූ.
තර්කණය
නා. තර්ක කිරීම.
තර්කය
1. නා. යමක යථා තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා කරුණු සහිතව කල්පනා කිරීම; විචාරවත් කල්පනවා; විවාදාත්මක විමර්ශනය.
2. නා. විවාදාත්මක විමර්ශනය පිළිබඳ ශාස්ත්‍රය; න්‍යාය ශාස්ත්‍රය.
3. නා. තරගය.
තර්කවාදියා
නා. තර්කානුකූල ව වාද කරන්නා.
තර්කශාස්ත්‍රය
නා. හේතු යුක්ති සහිත ව තර්ක කිරීම පිළිබඳ ශාස්ත්‍රය.
තර්කානුකූල
[තර්ක + අනුකූල]
(පාරිභා.) වි. තර්කයට ගැළපෙන; විවාදාත්මක විමර්ශනයට යෝග්‍ය වූ; තර්ක ගෝචරය (=logical).
තර්කුකර්ම
නා.ප්‍ර. ඉද්දෙන් කෙරෙන කර්මාන්තය; නූල් කැටීම.
තර්කුටිය
නා. රෙදි විවීමේ දී නූල් එතෙන උපකරණය; ඉද්ද; තසරය.
තර්ගය
1. නා. තර්කය.
2. නා. (නාට්‍ය) දෙබස; නාඩගම් ගී ගැයීමේ දී දෙදෙනකු මාරුවට පදය බැගින් ගයන ගීය; තර්ග සින්දුව.
තර්ජනය
නා. තරවටුව; තැති ගැන්වීම; හානියක් කරන බවට බිය ගැන්වීම.
තර්ජනාඞ්ගුලිය
නා. තර්ජනය කිරීමට භාවිත කරන ඇඟිල්ල; දබරැඟිල්ල; අණඟිල්ල.
තර්ජාරිය
නා. දුර මිනුම සඳහා පුරාණයේ දී භාවිත කරන ලද ඉතා සියුම් ඒකකයක්; අණු තිස්හයක ප්‍රමාණය.
තර්ණකයා
නා. වස්සා.