අඟ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ශරීරය; ඇඟ; කය.
2. නා. ඇඟෙහි කොටස්; අවයව.
3. නා. කාරණය; ලක්ෂණය; අංගය.
4. නා. ශීලය; ධුතාංගය.
5. නා. ගව, මුව ආදි සතුන්ගේ හිසෙහි උල් ව වැඩෙන අවයවය.
6. නා. අඟක් වැනි උල.
7. නා. බාහු මූලයෙහි පලඳින වළල්ල; අඟු පලඳනාව; කේයූරය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

1. නා. ඇඟ; ශරීරය (ප්‍රා. අංග පා. සං. අඞ්ග) 2. ගව, මුව ආදි සතුන්ගේ හිසෙහි ඇති එනම් අවයවය; අංතට්ටුව (පා. සඞ්ග සං. ශෘඞ්ග) 3. අඟුපලඳනාව; කේයූරය

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. horn
2. n. limb