අදිනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. තමා වෙතට ගන්නවා; හයනවා; ආකර්ෂණය කරනවා.
2. ක්රි. උසුලාගෙන යනවා; රැගෙන යනවා; උද්වහනය කරනවා.
3. ක්රි. (තිර ආදිය) දිග හැර එල්ලනවා; විදහාලනවා; ප්රසාරණය කරනවා.
4. ක්රි. (උගුල් ආදිය) අටවනවා; යොදනවා; මානනවා.
5. ක්රි. (ඇවිළිලි, උළුක්කු ආදිය) පිළියම් පිණිස අදලනවා.
6. ක්රි. (යමක් කිරීමට) පැකිළෙනවා; අදිමදි කරනවා; පසුබට වෙනවා.
7. ක්රි. පැත්තකට බරව ක්රියා කරනවා; පක්ෂග්රාහී ව කටයුතු කරනවා.
8. ක්රි. (ගොබ, දලු ආදිය) වැඩෙනවා; ලියලනවා.
9. ක්රි. හාරා බලනවා; අවුස්සනවා.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. vti. drag
2. vti. draw
3. vti. jerk
4. vt. pull
5. vti. stretch
6. v. tug
7. vi. wheeze
8. vt. draw in