අදියර
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. වැඩක හෝ ව්යාපාරයක එක් එක් ව්යාපෘතිය හෝ කොටස; පියවර.
2. නා.ප්ර. පාලනය; අධිකාරය.
3. නා.ප්ර. නිලය; තනතුර.
4. නා.ප්ර. (ග්රන්ථයක) පරිච්ඡේදය; අධ්යාය.
5. නා.ප්ර. විෂය; මාතෘකාව.
6. නා.ප්ර. විශිෂ්ට ක්රියාව; බුදු බව පතන්නකුගේ ප්රාර්ථනාව සමෘද්ධ වීම පිණිස එක් තැන් විය යුතු අෂ්ට ධර්ම අතරින් එකක්; බුදුන් කෙරෙහි තම ජීවිත පරිත්යාග කිරීම සංඛ්යාත ක්රියාව.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. කොටස; පියවර (පා. සං. අධිකාර)