අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 10

අතුණුබහන

නා. මහ බඩවැල

අතුපැල

නා. තල්, පොල් ආදී අතුවලින් සෑදූ කුඩා කුටිය

අතුරණය

නා. ඇතිරිල්ල (පා. අත්‍ථරණ සං. ආස්තරණ)

අතුරනවා

ක්‍රි. එළනවා; දිග හරිනවා (පා. අත්‍ථරති සං. ආස්තරති)

අතුල

වි. අසමාන (පා. සං. අතුල) නා. අල්ල; අත්ල (පා. හත්‍ථතල සං. හස්තතල)

අතුල්ලනවා

ක්‍රි. තවරනවා; උළනවා

අතුල්‍ය

වි. අසමාන (පා. සං. අතුල්‍ය)

අතුළ

වි. අතුරන ලද; එළන ලද; විසුරුවන ලද (පා. අත්‍ථට සං. ආස්තෘත)

අථර්ව වේදය

නා. චතුර්වේදයන්ගෙන් එකක් (සං. අථර්වවෙද)

අද්ධානය

නා. දීර්ඝ කාලය; කාලාන්තරය (සං. අද්ධාන)

අද්භූත

වි. පුදුම; විස්මයජනක/ස්වභාව ධර්මය ඉක්මවන (සං. අද්භූත)

අද්මිනිස්ත්‍රාසි

වි. උසාවියෙන් ලත් බලය පිට දේපළක් හෝ බූදලයක් හෝ පාලනය කරන (පුර්. administracāō)

අද්විතීය

වි. දෙවැනි නොවන; අසහාය (සං. අද්විතීය)

අද්වෛත

වි. දෙආකාරයක් නැති; ඒකාන්ත (සං. අදෛවත)

අද්‍යතන

වි. වර්තමානයට අයත්; නූතනයේ පවත්නා (සං. අද්‍යතන)

අද්‍රාව්‍ය

වි. දිය කළ නොහැකි (සං. අද්‍රාව්‍ය)

අදාළ

වි. සුදුසු; උචිත/ගැළපෙන; සම්බන්ධකමක් ඇති/උපයෝග

අදිකාරම

නා. මහ නිලමේ (දෙ. அதிகாரம்)

අදිටන

නා. අධිෂ්ඨානය (පා. අධිට්ඨාන සං. අධිෂ්ඨාන)

අදියර

නා. කොටස; පියවර (පා. සං. අධිකාර)

අදිශ රාශිය

නා. විශාලත්වයක් ඇති වුවත් අවකාශයේ විශේෂ දිශාවක් අනුව නොපවතින රාශිය

අදීන

වි. බැගෑපත් නොවන; නිවට නොවන (සං. අදීන)

අදූරදර්ශී

වි. ඉදිරිය ගැන නොසිතන/ දුර නොපෙනෙන (සං. අ + දූරදර්ශින්)

අදෘශ්‍යමාන

වි. නොපෙනෙන (සං. අ + දෘශ්‍යමාන පා. අදිස්සමාන)