අක්ෂර වින්යාස ශබ්දකෝෂය – 11
අදෘෂ්ට
වි. දැක නැති; නොදක්නා ලද (සං. අදෘෂ්ට)
අදෝෂ
වි. දොස් නැති; නිදොස් (සං. අ + දොෂ)
අධම
වි. ඉතා පහත්; නීච (පා. සං. අධම)
අධරය
නා. යටිතොල හෝ උඩුතොල (පා. සං. අධර)
අධර්ම
වි. ධර්මයට විරුද්ධ (සං. අධර්ම)
අධර්මිෂ්ට
වි. අධාර්මික (සං. අධර්මිෂ්ඨ)
අධස්ත
වි. පහත තලයේ පිහිටි (සං. අධසතාත්)
අධ්යක්ෂණය
නා. මෙහෙයවීම; මඟ පෙන්වීම
අධ්යක්ෂ
නා.ප්ර. කිසියම් කාර්යයක් භාර ප්රධානයා (සං. අධ්යක්ෂ)
අධ්යයනය
නා. හැදෑරීම (සං. අධ්යයන)
අධ්යයනාංශය
නා. උසස් අධ්යාපන ආයතනයක විෂයය අධ්යයනයට වෙන් කොට ඇති අංශය
අධ්යාත්මය
නා. තමන්ගේ ම සිත/පරමාත්මය (සං. අධ්යාත්ම)
අධ්යාපනය
නා. ඉගැන්වීම (සං. අධ්යාපන)
අධ්යාය
නා.ප්ර. ග්රන්ථයක පරිච්ඡේදය (සං. අධ්යාය)
අධ්යාශය
නා.ප්ර. අදහස/කැමැත්ත/අරමුණ/අධිෂ්ඨානය (පා. අජ්ඣාස)
අධ්යාහාරය
නා. අනුමිති වශයෙන් වටහා ගැනීම/වාක්යයක අඩු වූ වචන ආදිය යොදා ගැනීම (සං. අධ්යාහාර)
අධ්යාහෘත
වි. අනුමිති වශයෙන් වටහා ගන්නා ලද (සං. අධ්යාහෘත)
අධ්යේෂණය
නා. ඉල්ලිම; ආයාචනය (සං. අධ්යෙෂණ පා. අජ්ඣෙසන)
අධික
වි. බොහෝ; බහුල (පා. සං. අධික)
අධික රුධිර පීඩනය
නා. ධමනි තුළ ලේ අධික වශයෙන් පීඩනය වීම (සං. අධික + රුධිර + පීඩන)
අධිකරණය
නා. යුක්තිය පසිඳලන ස්ථානය (පා. සං. අධිකරණ)
අධික්ෂක
නා.ප්ර. කටයුතු මෙහෙයවන්නා
අධිකාර පත්රය
නා. බලපත්රය; පවරා දෙන ලියවිල්ල
අධිකාරය
නා. ආධිපත්යය/කොටස/පාලන බලය/අවසරය (පා. සං. අධිකාර)