අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 12

අධිකාර්ථ

වි. අධිකත්‍වයට පමුණුවන අර්ථ ඇති; අතිශය අර්ථ ඇති (සං. අධිකාර්ථ)

අධිකාරිය

නා. ආධිපත්‍යය ඇති ආයතනය; බලය ලත් ආයතනය (පා. සං. අධිකාරි)

අධිගත

වි. පැමිණි; එළඹුණු; අවබෝධ කළ (පා. සං. අධිගත)

අධිගමය

නා. අවබෝධය (පා. සං. අධිගම)

අධිගෘහීත

වි. අරක් ගත්; අයිති කරගත් (සං. අධි + ගෘහීත පා. අධිග්ගහිත)

අධිතක්සේරුව

නා. වටිනාකමට වැඩියෙන් තක්සේරු කිරීම

අධිනීතිඥයා

නා. නීතිවේදියා; බැරිස්ටර්වරයා

අධිපතියා

නා. ප්‍රධානයා; නායකයා (පා. සං. අධිපති)

අධිබල

වි. වැඩි බලයක් ඇති

අධිභාරය

නා. වැඩියෙන් අය කිරීම (සං. අධිභාර)

අධිමානය

නා. අධික ආඩම්බරය (සං. අධිමාන)

අධිරාජයා

නා. අධිරාජ්‍යයක ප්‍රධානයා (පා. සං. අධිරාජ)

අධිරාජ්‍යය

නා. යටත් විජිත ඇති ප්‍රබල රාජ්‍යය (සං. අධිරාජ්‍ය)

අධිරාජ්‍යවාදය

නා. අධිරාජ්‍ය්‍යක් ගොඩනැංවීම පිළිබඳ රාජ්‍ය තන්ත්‍රය

අධිරෝපණය

නා. ශරීරයක් තුළ අන්‍ය සත්ත්වයකුගේ අවයවයක් වැඩීමට සැලසීම (පා. සං. අධි + රොපණ)

අධිවාසනය

නා. ඉවසීම/පිළිගැනීම (පා. අධිවාසන)

අධිවේගී

වි. වැඩි වේගයකින් යුත් (සං. අධි+වෙග)

අධිශීතකරණය

නා. ද්‍රව්‍යයක් හිමාංකය ඉක්මවා ශීත කිරීමේ උපකරණය]

අධිශීලය

නා. ශ්‍රේෂ්ඨ ශීලය (සං. අධිසීල)

අධිෂ්ඨානය

නා. දැඩි අරමුණ/පිහිටා සිටීමට ආධාරය (සං. අධිෂ්ඨාන පා. අධිට්ඨාන)

අධීක්ෂණය

නා. මෙහෙයවීම; පාලනය කිරීම (සං. අධි + ඊක්‍ෂණ)

අධීශ

වි. ප්‍රධාන; අග්‍ර (සං. අධීශ)

අධීශ්වර

වි. අධිපති (සං. අධීශ්වර)

අධෛර්යය

නා. ධෛර්යය හීන බව (සං. අධෛර්ය)