අක්ෂර වින්යාස ශබ්දකෝෂය – 13
අධෝමාර්ගය
නා. ගුදය (පා. අධොමග්ග)
අධෝමුඛ
වි. යටි අතට හැරුණු මුව ඇති (සං. අධොමුඛ)
අධෝරක්ත කිරණ
නා.ප්ර. විද්යුත් චුම්බක කිරණ විශේෂයක් (සං. අධොරක්ත+කිරණ)
අධෝලිපිය
නා. ලේඛනයක අවසානයෙහි යොදන සටහන
අධෝශීර්ෂ
වි. පහතට හැරවූ හිසින් යුත් (පා. අධොසීස සං. අධඃ+ශීර්ෂ)
අනගාරික
වි. ගිහි ගෙයින් මිදුණු (පා. අනගාරික)
අනගි
වි. අගය කියා නිම කළ නොහැකි; ඉතා වටිනා (සං. අනර්ඝ)
අනණ සුඛ
නා.ප්ර. ණය නැති වීමෙන් ඇති වන්නා වූ සොම්නස (පා. අනණ සුඛ)
අනතුර
නා. උපද්රවය; හානිය
අනතුරු
වි. පසුව එන; ඉක්බිති (පා. සං. අනන්තර)
අනධ්යයන
වි. අධ්යයන නොවන
අනනවා
1. ක්රි. මිශ්ර කරනවා (පා. සංනෙති සං. සන්නයති) 2. ප්රකාශ කරනවා (පා. සං. අනති සං. අනිති)
අනන්යතාව
නා. අනෙකකු නොවන ලෙස හඳුනා ගැනීම/නොවෙනස් බව (සං. අනන්යතා)
අනන්යසාධාරණ
වි. අන්යයන් හා සමාන නොවූ; අසමාන වූ (සං. අනන්යසාධාරණ)
අනනුකූල
වි. නොගැළපෙන (පා. අනනුකූල)
අනපේක්ෂිත
වි. බලාපොරොත්තු නොවූ (සං. අනපෙක්ෂිත)
අනභ්යාස
නා.ප්ර. පුරුදු නැතිකම; පුහුණුවක් නැති බව (සං. අනභ්යාස)
අනභිභවනීය
වි. යටත් කළ නොහැකි; අභිභවනය කළ නොහැකි (පා. සං. අනභිභවනීය)
අනභිමුඛ
වි. ඉදිරියෙන් නොවූ (පා. සං. අනභිමුඛ)
අනභිවෘද්ධිය
නා. අයහපත; අනර්ථය
අනම්ය
වි. නැමිය නොහැකි (සං. අ+නම්ය)
අනර්ඝ
වි. ඉතා වටිනා; අනගි (සං. අනර්ඝ)
අනර්ථය
නා. අයහපත; අවැඩ (සං. අනර්ථ)
අනල
නා.ප්ර. ගින්න (පා. සං. අනල)