අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 14

අනලස්

වි. කම්මැළි නැති; ක්‍රියාශීලී (පා. සං. අනලස)

අනවධානය

නා. අවධානයෙන් තොර බව (සං. අනවධාන)

අනවබෝධය

නා. වටහා නොගැනීම

අනවරත

වි. නොකඩවා; නිරන්තර (පා. සං. අනවරත)

අනවශ්‍ය

වි. අවශ්‍ය නැති (සං. අනවශ්‍ය)

අනවශේෂ

නා. ඉතිරි නැති (සං. අනවශෙෂ පා. අනවසෙස)

අනවස්ථිත

වි. චංචල; අස්ථිර (සං. අනවස්ථිත)

අනවින

නා.බහු. මන්ත්‍ර බලයෙන් කරන උපද්‍රව

අන්තඃඛණ්ඩය

නා. රේඛා දෙකක් තුන් වන රේඛාවකින් කැපෙන විට ඒ රේඛා දෙක අතර ඇති රේඛාවේ කොටස (සං. අන්තඃ + ඛණ්ඩ)

අන්තඃපුරය

නා. රජ මාලිගයෙහි වසන බිසෝවරු සමූහය/බිසෝවරුන් වසන රජ මාලිගය (සං. අන්තඃපුර)

අන්තඃස්ථ

නා. ඇතුළත පිහිටි (සං. අන්තඃස්ථ)

අන්තර්ග්‍රහණය

නා. උරාගැන්ම/ඇතුළත් කර ගැනීම (සං. අන්තර්+ග්‍රහණ)

අන්තර්ජාලය

නා. ජාත්‍යන්තර පරිගණක ජාලගත මෙහෙයුම් පද්ධතිය

අන්තර්ඥානය

නා. ගැටලුවක් ඉදිරිපත් වූ විට එය විසඳන ක්‍රමය නිරායාසයෙන් ම පුද්ගලයාගේ අභ්‍යන්තරයෙන් පහළ වීම; සහජ ඥානය (සං. අන්තර්ඥාන)

අන්තර්දශාව

නා. මහදශාවක් තුළ ඇති වන අතුරු දශාව (සං. අන්තර්දශා)

අන්තර්ධානය

නා. නොපෙනී යෑම; දුරුවීම (සං. අන්තර්ධාන)

අන්තර්ලීන

වි. ඇතුළත සැඟවුණු (සං. අන්තර්ලීන)

අන්තරායදායක

වි. අනතුරු ගෙන දෙන

අන්තරාලය

නා. මධ්‍යයේ හෙවත් අතර වූ අවකාශය (පා. සං. අන්තරාල)

අන්තරාවර්තී

වි. ඇතුළු පැත්තට නැමුණු (සං. අන්තර් + ආවර්තීන්)

අන්තරාසර්ග පද්ධතිය

නා. මිනිස් ශරීරයේ අභ්‍යන්තර ග්‍රන්ථීන්ගේ සැකැස්ම (සං. අන්තරාසර්‍ග+පද්ධති)

අන්තරීක්ෂය

නා. අහස; ආකාශය (සං. අන්තරීක්‍ෂ)

අන්තවාදය

නා. යමක අවසානය දක්වා යෑමේ මතවාදය

අන්තස්සරයා

නා. ඔත්තුකාරයා; චරපුරුෂයා (සං. අන්තස්+චර)