අනුවර්තනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. අනු ව පැවැත්ම; අනුකූල වීම.
2. නා. එකඟ ව පැවැත්ම; පක්ෂපාත වීම.
3. (පාරිභා.) නා. සුදුසු සේ සකස් කරගැනීම (=adaptation).
4. නා. සේවය; ආරාධනය.
5. (ව්‍යාක.) නා. සූත්‍රයකින් තවත් සූත්‍රයකට යම්කිසි පදයක් අනුකූල වීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. අනුව පැවැත්ම/සුදුසු සේ සකස් කර ගැනීම (සං. අනුවර්‍තන පා. අනුවත්තන)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. adaptation
2. n. adaption
3. n. continuity
4. Inf. conversion
5. n. deference