සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 119
අනුරූප
වි. අනුකූල; ගැළපෙන; සමාන; සදෘශ; යෝග්‍ය.
1. නා.ප්‍ර. අනුරුව.
2. නා.ප්‍ර. සැලැස්ම; ආකෘතිය.
අනුරූපතාව
නා. ගැළපීම; සුදුසුකම.
අනුරෝධය
නා. එකඟබව; අනුකූලබව; අවිරුද්ධබව.
අනුලම්බය
(පාරිභා.) නා. සිතියම් සෑදීමේ දී භාවිත වන ප්‍රධාන මිනුමට සෘජුකෝණික හරස් මිනුම (=offset).
අනුල්ලඞ්ඝනය
නා. ඉක්මවා නොයෑම; අතික්‍රමණය නොකිරීම.
අනුල්ලඞ්ඝ්ය
වි. ඉක්මවිය නොහැකි; අතික්‍රමණය කළ නොහැකි; අනතික්‍රමණීය.
අනුලිප්ත
වි. තවරන ලද; ගාන ලද.
අනුලිම්පනය
නා. තැවරීම; ගෑම; ආලේප කිරීම.
අනුලේඛන
වි. පිටපත් කිරීම හා සම්බන්ධ; පිටපත් කිරීමට ගැනෙන.
නා.ප්‍ර. පිටපත; උපුටා ගත් සටහන.
අනුලේපනය
1. නා. ඇඟ ගෑම; තෙල් ආදි සුවඳ විලවුන් ගැල්වීම හෝ තැවරීම; ආලේප කිරීම.
2. නා. (සිරුරෙහි ඇට සමින් සේ) වැසීම.
3. නා. කල්කය; ආලේපය.
අනුලොම
1. නා. මුල පටන් අග දක්වා වූ පිළිවෙළ; යථාක්රමයට අනුකූලතාව; ක්රමානුගතබව.
2. නා. සමාන බව; සදෘශ්යභාවය; අනුරූපබව.
අනුලොම් පිළිලොම්
නා.ප්‍ර. මුල පටන් අග දක්වා පිළිවෙළ හා අග පටන් මුල දක්වා පිළිවෙළ; අනුලෝම- ප්‍රතිලෝමය.
අනුලෝම
1. වි. යථා ක්‍රමයට අනුකූල; නියම පිළිවෙළට අනුකූල; ක්‍රමානුගත.
2. වි. අනු ව පවත්නා; අනුකූල; අනුගත.
3. (පාරිභා.) වි. සරල; අවිලෝම.
අනුලෝම ප්‍රතිපදාව
නා. නිවනට අනුකූල වූ ආර්ය මාර්ග සංඛ්‍යාත ප්‍රතිපදාව.
අනුලෝම ප්‍රතිලෝම
නා.ප්‍ර. අනුලොම් පිළිලොම්.
අනුලෝම සමානුපාතය
(පාරිභා.) නා. එක් රාශියක් වැඩිවන හෝ අඩුවන අනුපාතය අනු ව අනික් රාශිය ද වැඩිවන හෝ අඩුවන ප්‍රකාර ඇති ප්‍රමාණයන්ගේ සමානත්වය (=direct proportion).
අනුලෝමනය
නා. මුල පටන් අග දක්වා පිළිවෙළින් ගැනීම සහ එසේ ගැනීමේ ක්‍රමය.
අනුව
1. ක්‍රි.වි. අනුකූල ව; අනුගත ව; එකඟ ව.
2. ක්‍රි.වි. අනතුරු ව; ඉක්බිති ව; පසු ව.
3. ක්‍රි.වි. ඔස්සේ; දිගේ; අනුසාරයෙන්.
4. ක්‍රි.වි. යටත් ව; වසඟ ව.
නා. හක්ක; හනුව.
අනුවණ
නා. නුවණ නැතිකම; මෝඩකම.
අනුවත්
වි. අනු ව පවතින; අනුකූල ව පවතින.
අනුවරයා
නා. අනුව යන්නා; අනු ව හැසිරෙන්නා; සහචරයා.
අනුවර්තක
වි. අනු ව පවතින; අනුකූල වන.
අනුවර්තකයා
නා. අනු ව පවතින්නා; අනුකූල ව පවතින්නා; අනුගාමිකයා.
අනුවර්තනය
1. නා. අනු ව පැවැත්ම; අනුකූල වීම.
2. නා. එකඟ ව පැවැත්ම; පක්ෂපාත වීම.
3. (පාරිභා.) නා. සුදුසු සේ සකස් කරගැනීම (=adaptation).
4. නා. සේවය; ආරාධනය.
5. (ව්‍යාක.) නා. සූත්‍රයකින් තවත් සූත්‍රයකට යම්කිසි පදයක් අනුකූල වීම.