සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 120

අනුවර්තිත

වි. අනු ව පැවතුණ; අනු ව ගිය.

අනුවර්තිනී

1. වි. අනු ව පවතින; අනුකූල ව පවතින.
2. (ව්‍යාක.) වි. අධිකාර වශයෙන් ප්‍රවර්තක.

අනුවර්තීවාදය

නා. මනසත්, ශරීරයත් අතර සම්බන්ධතාව තේරුම් කරන ධර්මය හෙවත් දෘෂ්ටිය.

අනුවහන

නා.ප්‍ර. අනු ව පැවැත්ම; අනුව යෑම.

අනුව්‍යඤ්ජනය

1. නා. මහා පුරුෂයකුගේ ශරීරයෙහි වන අනුලක්ෂණයක්; මහා පුරුෂ ලක්ෂණයන්ට දෙවනුව සිටි ලක්ෂණ ප්‍රකාශක වූ කුඩා ලකුණ.
2. නා. සවිස්තර ලක්ෂණය; ශරීර අවයව ආදින්ගේ ආකාර හෝ හැඩහුරුකම.
3. නා. පසු ව එන අක්ෂර සමූහය; එකිනෙක ව්‍යඤ්ජනාක්ෂර.

අනුවාක්‍යය

1. නා. අප්‍රධාන වාක්‍යය.
2. නා. වාක්‍ය ඛණ්ඩය; ලියවිල්ලක කොටසක්.

අනුවාතය

නා. සුළඟ හමන අත; සුළඟ හමා එන පැත්තට අභිමුඛ වූ පැත්ත; යටි සුළඟ.

අනුවාදකය

නා. අර්ථයක් පැහැදිලි කරන හෙවත් විස්තර කරන පදය; අර්ථසූචකය.

අනුවාදය

1. නා. නැවත කීම; පුනරුක්තිය.
2. නා. විස්තර කථනය; අර්ථය පැහැදිලි කිරීම.
3. නා. අන් බසකට පෙරළීම; පරිවර්තනය.
4. නා. අපවාදය; දෝෂාරෝපණය; චෝදනාව.

අනුවාද්‍ය

වි. පහදා දිය යුතු; විස්තර කළ යුතු.

අනුවාදිත

වි. අනුවාද කළ; විස්තර කරන ලද; පැහැදිලි කරන ලද.

අනුවාසනය

1. නා. (රෙදි) සුවඳ කැවීම; බෙහෙත් දුම් ගැස්වීම.
2. (වෛද්‍ය.) නා. බඩට තෙල් වස්ති කිරීම හෙවත් විදීම.

අනුවැති

වි. අනු ව පවතින; අනුකූල ව පවතින; අනුවර්තී.

අනුවිචරණ

නා.ප්‍ර. යම් අරමුණක නැවත නැවත සිත හැසිරවීම; භාවනා කිරීම.

අනුවිජ්ජකයා

නා. (විනය.) පරීක්ෂා කරන්නා; විචාරන්නා (අධිකරණ විනිශ්චය කරන භික්ෂුව සඳහා යෙදේ).

අනුවිතර්කණය

නා. නැවත නැවත විචාරීම හෙවත් කල්පනා කිරීම.

අනුවිද්ධ

වි. සලකුණු කරන ලද; අංකිත.

අනුවිධාන

නා.ප්‍ර. අනු ව පැවැත්ම; අනුකූලතාව.

අනුවින්දනය

නා. විඳ ගැනීම; අනුභවය.

අනුවිලෝකනය

නා. නැවත නැවත බැලීම හෝ සැලකීම; සමාලෝචකය.

අනුවිවෘත්ත

වි. නැවත විස්තර කරන ලද; වැඩිදුරටත් පැහැදිලි කරන ලද.

අනුවිසි

වි. වසඟ වූ; යටත් වූ.
නා.ප්‍ර. දහ නවය.

අනුවෘංහණය

නා. වැඩීම; වර්ධනය කිරීම; දියුණු කිරීම.

අනුවෘත්තය

(පාරිභා.) නා. වක්‍ර රේඛාවක ප්‍රාන්ත දෙක ක්‍රමයෙන් පළල් ව ගොස් සෑදෙන සටහන; පරවලය; පරාවලය (=parabola).