සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 121
අනුවෘත්තිය
1. නා. අනු ව පැවැත්ම; එකඟකම.
2. (ව්‍යාක.) නා. පසු ව එන සූත්‍රයක පදයක් පූර්ව සූත්‍ර පදයකට අනුකූල වීම.
අනුවෙනවා
1. ක්‍රි. අනු ව පවතිනවා; අනුකූල වෙනවා; සමාන වෙනවා.
2. ක්‍රි. අනු ව යනවා; පසු පස්සෙහි යනවා; ලුහුබැඳ යනවා; එක් ව යනවා.
අනුවේගී කම්පනය
නා. (භෞති.) වස්තුවක් කම්පනය වන විට ඒ වස්තුවේ සංඛ්‍යාතයට සමාන වූ සංඛ්‍යාත ඇති වස්තුවක ඇති වන කම්පනය.
අනුවේදනය
නා. සංවේගය; කනගාටුව.
අනුවේදනීය
වි. සංවේගය හෝ කනගාටුව ඉපදවිය හැකි; සංවේගාත්මක.
අනුශය
1. නා.ප්‍ර. පසුතැවිල්ල.
2. නා.ප්‍ර. ද්වේශය; වෛරය.
3. නා.ප්‍ර. අතට පැමිණි වස්තුව.
අනුශයනය
නා. නිදා සිටීම; ක්‍රියා විරහිතව සිටීම.
අනුශයාවස්ථ
වි. සත්වයන්ගේ සිත්හි අප්රකටව පවත්නා; ක්‍රියා විරහිත අවස්ථාවෙහි පවත්නා.
අනුශ්වාසනළය
නා. නාසයේ පටන් පෙණහැල්ල දක්වා හුස්ම ගෙන යන නාලය; ශ්වාසනාලය.
අනුශ්‍රවණය
නා. ඇසූ පුවත; ජනශ්රැතිය; ජනප්‍රවාදය.
අනුශ්රැතය
නා. මුඛ පරම්පරාවෙන් අසන ලද්ද.
අනුශ්රෝතය
නා. ජලධාරාවක යටි අත; යටි ගඟ.
අනුශාඛාව
නා. මහ අත්තකින් බෙදී විහිදී ගිය කුඩා අත්ත.
අනුශාසනය
1. නා. අවවාදය; උපදේශය.
2. නා. නියෝගය; ආඥාව.
3. නා. විස්තර කථනය; දේශනාව.
4. නා. පින්කමක අවසානයේ දී කරන අනුමෝදනාව.
අනුශිෂ්යයා
නා. (ශිෂ්‍ය පරම්පරාවක මුල් ශිෂ්‍යයන්ට) පසු ව එන ශිෂ්‍යයා.
අනුශීර්ෂය
නා. ප්‍රධාන මාතෘකාවට පසු ව එන මාතෘකාව; දෙවන මාතෘකාව හෙවත් මැය.
අනුශීලනය
නා. නැවත නැවත අභ්‍යාස කිරීම; නොකඩවා හැදෑරීම.
අනුශෝචනය
නා. නැවත නැවත ශෝක කිරීම; පසුතැවිල්ල.
අනුෂඞ්ගය
නා. එක් වීම; දැඩි සම්බන්ධය; ආසක්තිය.
අනුෂඞ්ගික
වි. කිට්ටුවෙන් සම්බන්ධ වූ.
අනුෂඤ්ජනය
නා. අනු ව සම්බන්ධ කිරීම; පූර්වය පසුව එන දෙය හා සම්බන්ධ කිරීම.
අනුසඤ්චරණය
නා. (අභි.) (චිත්ත චෛතසික අරමුණකට) අනු ව හැසිරීම හෙවත් පැවැත්ම.
අනුසදෘශ
වි. එක සමාන; තුල්‍ය; අනුරූප.
අනුසන්ධානය
1. නා. සම්බන්ධ කිරීම; ගැළපීම.
2. නා. විමසීම; අන්වේෂණය.
3. නා. සැසඳීම; සංසන්දනය.