සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 122
අනුසන්ධිය
1. නා. හකු ඇට සන්ධි වන ස්ථානය.
2. නා. ගැළපීම; සම්බන්ධය.
අනුසප්තාහ
වි. සත් දිනක් පාසා.
අනුසය
නා. (අභි.) ඇල්ම; පක්ෂපාත බව හෝ නැමුණු බව; සත්ත්වයන් කෙරෙහි අත් නොහැර බැඳී සිටගෙන ප්රත්යය ලත් කල ඉදිරියට පැමිණෙන්නා වූ පාප ස්වභාවය.
අනුසර
නා.ප්ර. සිහි කිරීම; අනුස්මරණය.
අනුසරණය
නා. අනු ව යෑම; අනුගමනය; අනුකරණය.
අනුසස
1. නා. යහපත් ප්රතිඵලය; කුශල විපාකය; ආනිශංසය.
2. නා. ශක්තිය; බලය; ආධිපත්යය.
අනුස්ථාපනය
(පාරිභා.) නා. නව සේවකයකුට හෝ පුහුණුවන්නකුට (තම රැකියාව කෙරෙහි සෘජු හෝ වක්ර ලෙස බලපාන සමාගම් ප්රතිපත්ති, සැලසුම් කාර්ය පටිපාටි හා පිළිබඳ) දැනීමක් ඇති කර ගැනීමට හැකි වන පරිදි සැකසූ පුහුණු කිරීමේ ක්රමයක් (=orientation).
අනුස්ඵරණය
නා. පැතිරීම; ව්යාප්ත වීම.
අනුස්මරණය
නා. සිහිකිරීම; ස්මරණය කිරීම.
අනුස්මාරක
වි. සිහි කරවන; මතක් කරවන (ස්මාරක ගොඩනැගිලි ආදිය සඳහා යෙදේ).
අනුස්මෘතිය
නා. (අභි.) සිහි කිරීම; අනුස්මරණය; අනුස්සතිය.
අනුස්වාරය
නා. (ව්යාක.) අනුනාසික ශබ්දය; අනුනාසික ශබ්දය දක්වන සලකුණ; බින්දුව.
අනුස්සතිය
නා. නැවත නැවත සිහි කිරීම.
අනුස්සන්න
වි. උස් නොවූ; උස් නොකළ; අධික ව නොවැඩුණු.
අනුස්සවය
නා. ඇසූ පුවත; ජනශ්රැතිය; ජනප්රවාදය.
අනුස්සුතික
වි. ජනප්රවාදය අදහන; අනුශ්රැතියෙහි විශ්වාසය තබන.
අනුසායික
වි. සැඟවී පවත්නා; නිදන්ගත.
අනුසාර
වි. අනු ව යන; අනුරූප.
අනුසී
නා.ප්ර. (අභි.) නැවත නැවත සිහි කිරීම.
අනුසුරුවීම
නා.ප්ර. නොකියා හැරීම; අනුච්චාරණය.
අනුසූක්ෂ්ම
වි. ඉතා කුඩා; ඉතා සියුම්.
අනුසෙරෙන්
ක්රි.වි. අනුසාරයෙන්; අනුරූපව.
අනුසෝතගාමි
වි. දිය පහර ඔස්සේ යන (පව්කාරයකු මෙන්) යටි හොයට ගමන් කරන.
අනුහස
1. නා. යහපත් ප්රතිඵලය; කුශල විපාකය; ආනිශංසය.
2. නා. ශක්තිය; බලය; ආධිපත්යය; විශේෂ බලය.