අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 18
අනුරාධපුරය
නා. පුරාණ ලංකාවේ අගනුවරක නාමය (පා. සං. අනුරාධපුර)
අනුරූප
වි. අනුකූල; ගැළපෙන (පා. සං. අනුරූප)
අනුල්ලඞ්ඝනය
නා. උල්ලංඝනය නොකිරීම; අනතික්රමණය; ඉක්මවා නොයෑම (සං. අන් + උල්ලඞ්ඝන)
අනුලේඛනය
නා. පිටපත; උපුටාගත් සටහන (පා. සං. අනුලෙඛන)
අනුලෝම
වි. මුල සිට අග දක්වා යන (පා. සං. අනුලොම)
අනුවර්තනය
නා. අනුව පැවැත්ම/සුදුසු සේ සකස් කර ගැනීම (සං. අනුවර්තන පා. අනුවත්තන)
අනුව්‍යඤ්ජන
නා.ප්‍ර. මහා පුරුෂයකුගේ ශරීරයේ වන අසූවක් වූ කුඩා ලක්ෂණ (පා. සං. අනුව්‍යඤ්ජන)
අනුවාදය
නා. නැවත කීම/වෙනත් භාෂාවකට පෙරළීම (පා. සං. අනුවාද)
අනුවේදනීය
වි. සංවේගය උපදවන
අනුශය
නා.ප්‍ර. පසුතැවීම (සං. අනුශය)
අනුශ්රැතිය
නා. ආරංචියෙන් ඇසීම; කටකතාව (සං. අනු+ශ්රැති)
අනුශාසනය
නා. උපදේශාත්මක දේශනය/උපදේශය/පාලනය/ආඥාව (සං. අනුශාසන)
අනුශීර්ෂය
නා. ප්‍රධාන මාතෘකාවට පසුව එන මාතෘකාව (සං. අනුශීර්ෂ)
අනුෂංගය
නා. එක්වීම; ඇලීම (සං. අනුෂඞ්ග)
අනුසය
නා. ඇල්ම; සිතෙහි තදින් ඇඳුණු දේ (පා. අනුසය)
අනුස්මරණය
නා. සිහිපත් කිරීම; ස්මරණය (සං. අනුස්මරණ)
අනුස්මෘතිය
නා. නැවත සිහිපත් කිරීම (සං. අනුස්මෘති)
අනුස්වාරය
නා. අනුනාසික ශබ්දය; ‘ං’ වර්ණය (සං. අනුස්වාර)
අනූන
වි. ඌන නොවූ; සපිරුණු (පා. සං. අනූන)
අනේකවිධ
වි. නොයෙක් ආකාර වූ; නානාප්‍රකාර (පා. සං. අනෙකවිධ)
අනේකාර්ථ
වි. නොයෙක් අර්ථ ඇති (සං. අනෙකාර්ථ)
අනෞචිත්‍ය
නා.ප්‍ර. අනුචිත භාවය; නුසුදුසු බව (සං. අනෞචිත්‍ය)
අඳ
වි. අන්ධ (පා. සං. අන්ධ)
අඳනය
නා. භික්ෂූන් වහන්සේ යටට හඳිනා චීවරය; අන්තරවාසකය
අඳය
නා. පංගුව; කොටස