අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 17
අනුනාසික අක්ෂර
නා.බහු. නාසිකද්වාරය විවෘත ව තිබිය දී උසුරවනු ලබන අකුරු; නාසිකාවට අනුගත ව මුඛයෙන් උච්චාරණය කරන අක්ෂර
අනුපගමනය
නා. ළඟට නොපැමිණීම (සං. අනුපගමන)
අනුපස්ථිතිය
නා. ඉදිරියෙහි නොවීම; අනභිමුඛය (සං. අනුපස්ථිති)
අනුපස්සනාව
නා. නැවත නැවත නුවණින් විමසා බැලීම (පා. අනුපස්සනා)
අනුප්‍රඥප්තිය
නා. පසුව පනවන ලද නියෝග
අනුප්‍රාප්තිය
නා. කෙනකුගේ පදවියට ඔහුගෙන් පසු වෙනත් කෙනකු පැමිණීම (සං. අනුප්‍රාප්ති)
අනුප්රාසය
නා. ශබ්ද මාධූර්යය ඇති වන පරිදි සමාන අක්ෂර පද ළං ව යෙදීම (සං. අනුප්රාස)
අනුපාතය
1. නා. නැවත නැවත වැටීම (සං. අනුපාත) 2. එක ම වර්ගයේ රාශි දෙකක් අතර ඇති ප්‍රමාණාත්මක සම්බන්ධය
අනුපාදිශේෂ
වි. උපාදි නම් වූ පඤ්ච ස්කන්ධය ඉතිරි නොවූ (සං. අනුපාදිශෙෂ පා. අනුපාදිසෙස)
අනුපානය
නා. බෙහෙතකට අනුව හෝ බෙහෙතකට මිශ්‍ර කර හෝ ගන්නා ප්‍රතිවාපය (සං. අනුපාත)
අනුපිළිවෙළ
නා. අනුක්‍රමය (පා. අනුපටිපාටි)
අනුපූරකය
නා. අඩුව සම්පූර්ණ කරන කොටස (පා. සං. අනුපූරක)
අනුබද්ධ
වි. එකට බැඳුණු (පා. සං. අනුබද්ධ)
අනුබලය
නා. රුකුල; පෙලඹවීම (පා. සං. අනුබල)
අනුභවය
නා. ආහාර ගැන්ම; පරිභෝජනය/ඉන්ද්රිය ගෝචර වූ ආලම්බනයන්ගේ රස විඳීම (පා. සං. අනුභව)
අනුභාවය
නා. තේජස; බලමහිමය; ආනුභාවය (සං. අනුභාව)
අනුභූතිය
නා. අත්දැකීම (සං. අනුභූති)
අනුමස්තිෂ්කය
නා. කුඩා මොළය (සං. අනුමස්තිෂ්ක)
අනුමාත්‍රය
නා. ස්වල්ප ප්‍රමාණය (සං. අනුමාත්‍ර)
අනුමානය
නා. හේතූන් අනුව යමක් තීරණය කිරීම/අවිනිශ්චිත බව (පා. සං. අනුමාන)
අනුමෙවෙනි
වි. අනුව සතුටු වන; අනුමෝදන් වන
අනුමෝදනාව
නා. පුණ්‍ය ක්‍රියාවකින් පින් අනුමෝදන් වීම; කරන ලද පිනෙන් සිත සතුටු වීම (පා. අනුමොදනා)
අනුයුඤ්ජනය
නා. නැවත නැවත යෙදීම (පා. අනුයුඤ්ජන)
අනුයෝජනය
නා. අනුව යෙදීම (සං. අනුයොජන)