අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 16
අනිටු
වි. අයහපත්; නොමනා (සං. අනිෂ්ට පා. අනිට්ඨ)
අනිත්‍යය
නා. වෙනස්වනසුලු; නිත්‍ය නොවන (සං. අනිත්‍ය)
අනිමිසලෝචන පූජාව
නා. ඇසිපිය නොහෙළා බලා සිටීමෙන් කරන උපහාරය (පා. අනිමිසලෝචන පූජා)
අනියමාර්ථය
නා. සිදු වන බව හෝ නොසිදු වන බව හෝ නිශ්චයක් නොමැති අරුත
අනිර්දිෂ්ට
වි. විස්තර නොකළ (සං. අනිර්දිෂ්ට)
අනිල
නා.ප්‍ර. සුළඟ (පා. සං. අනිල)
අනිලමානය
නා. සුළඟේ වේගය මැනීමට භාවිත කරන උපකරණයක්
අනිවාර්ය
වි. නොවැළැක්විය හැකි (සං. අනිවාර්ය)
අනිෂ්ට
වි. ඉෂ්ට නොවූ; අයහපත් (සං. අනිෂ්ට පා. අනිට්ඨ)
අනිෂ්ඨුර
වි. රළු නොවන (සං. අනිෂඨුර)
අනුකරණය
නා. අනුව කිරීම; සමාන ව කිරීම (පා. සං. අනුකරණ)
අනුකලනය
නා. වක්‍රයකින් වැසූ ප්‍රදේශයක වර්ගඵලය/ වක්‍රයේ දිග ආදිය සොයන ක්‍රමයක් (සං. අනුකලන)
අනුක්ත
වි. උක්ත නොවූ; නොකියූ (සං. අනුක්ත)
අනුක්‍රමණය
නා. පිළිවෙලින් දැක්වීම (සං. අනුක්‍රමණ)
අනුක්‍රමණිකාව
නා. ග්‍රන්ථයක පටුන/සූචිය (සං. අනුක්රමණිකා)
අනුකාරක
නා. අනුව කරන (සං. අනුකාරක)
අනුකූල
වි. එකඟ වූ; යෝග්‍ය (පා. සං. අනුකූල)
අනුකූලනය
නා. එකඟවීම; අවනත බව (සං. අනුකූලන)
අනුගමනය
නා. අනුව යෑම; අනුකරණය (පා. සං. අනුගමන)
අනුග්‍රහය
නා. උපකාරය (සං. අනුග්‍රහ පා. අනුග්ගහ)
අනුච්චාරණය
නා. නොකියා හැරීම (පා. සං. අනුච්චාරණ)
අනුචිත
වි. නුසුදුසු; උචිත නොවන (පා. සං. අනුචිත)
අනුදැනුම
නා. අවසරය; අනුමතිය
අනුනායක
නා.ප්‍ර. උපප්රධානයා (පා. සං. අනුනායක)