අභිධම්ම
abhidhamma
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. බෞද්ධ ධර්මයේ තෙවෙනි කොටස; විශිෂ්ට ධර්ම හෙවත් බෝධි පාක්ෂික ධර්ම.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. අභිධර්මය, උත්තමධර්මය. චිත්ත චෛතසික රූප නිර්වාණ යන චතුර්විධ පරමාර්ථයන් පිළිබඳ ධර්මය. අභි විසිට්ඨො ධම්මො=අභිධම්මො. අතිරෙක වූ විශිෂ්ඨ ධර්මය අභිධර්මයයි. සූත්රාන්තයේදී ස්කන්ධ, ධාතු, ආයතනාදිය එක දෙශයකින්ම බෙදා ඇති. එහෙත් අභිධර්මයේදී ඔවුහු බෙදිය හැකි හැම ආකාරයකින්ම බෙදා තිබේ. ඒ නිසා විශිෂ්ඨ ධර්මය නම් වේ. (පි. 89)
Digital Pāḷi Dictionary
- abhidhamma 1 masc details of the Dhamma; finer points of the teaching; (comm) doctrine and 'higher' doctrine [abhi + √dhar + ma]
- abhidhamma 2 masc 'higher' doctrine; third basket of the Tipiṭaka [abhi + √dhar + ma]